23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලිය ජනගතකෙරේ

0
2


ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකාවොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟඅත්වැල් බැඳගනිමින්  23 වැනි DSI Supersport   පාසල් වොලිබෝල්තරඟාවලිය සඳහා සියලු කටයුතු සූදානම්බව අද දින  (08-05-2025)කොළඹ නිපෝන් හෝටලයේදී පැවති මාධ්‍යහමුවේදී නිවේදනයකළේය.

ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදීසිටින දක්ෂ දරු

දැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තැබීමට DSI ප්‍රධානත්වයෙන්වර්ෂ 1999 දී

ආරම්භ කළ DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලිය ශ්‍රී ලාංකීයවොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවකට මඟ හෙළි කළසංධිස්ථානයකි. ආරම්භයේදී ශූරතාවය සඳහා කණ්ඩායම් 198 ක් තරඟවැදුණු DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලියෙන් එදාමෙදාතුර ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩාතරු 400 කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දී තිබේ. මෙම වසරේතරඟාවලියට මුළු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පාසල්වොලිබෝල් කණ්ඩායම් 4000 කට අධික ප්‍රමාණයක් සහභාගී වෙයි.

ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිතරාජපක්ෂ මහතා

අදහස් දක්වමින් “DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලියටවසර 23 ක් සම්පූර්ණ

වෙන 2025 අවුරුද්ද අපිට විශේෂයි. ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාක්ෂේත්‍රයේ වැදගත්ම

සංධිස්ථානයක් වෙනුවෙන් DSI අනුග්‍රාහකත්වය අඛණ්ඩව ලබාදීමටහැකිවීම අප සමාගමට

මහත් ගෞරවයක්. වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කොටසංවර්ධනය කරන්නටත් සමස්ථ දිවයිනම ආවරණය වන ආකාරයෙන්දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ජාතික මට්ටමට හඳුන්වා දීමටත්DSI Supersport  පාසල් වොලිබෝල් තරඟාවලිය සමත්ව තිබෙනවා.” යැයි පැවසීය.

වයස අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15න් පහ්ළ, 17න් පහළ හා 19න්පහළ වයස් කාණ්ඩ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here