21වන රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී සම්මාන ලැබුවෝ

0
11


21 වන රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උළෙල ඉකුත් දා කොළඹ ෂැංගිලා හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

ජාතියේ ටෙලි සම්මාන උළෙල ලෙස හැඳින්වෙන රයිගම් ටෙලීස්, රයිගම් සමූහ සමාගම විසින් හඳුන්වා දුන්නේ 2005 වසරේදීයි.

මෙවර රයිගම් ටෙලීස් උළෙලේදී වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා ලෙස සම්මාන හිමි කර ගත්තේ ප්‍රියන්ත සිරි කුමාරයි.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය ලෙස තරින්දි ප්‍රනාන්දු සම්මාන හිමි කර ගත්තා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නළුවා සම්මානය සරත් කොතලාවලට හිමි වුණා.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහය නිළිය ලෙස චන්දිමා කරුණාදාස සම්මාන හිමි කර ගත්තා.

වසරේ වඩාත් ජනගත ටෙලිනාට්‍ය නළුවා සම්මානය මෙවර හිමි වුණේ සජිත ඇන්තනීටයි.

මිෂෙල් දිල්හාරාට වසරේ වඩාත් ජනගත ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය හිමි වුණා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here