2028 තීරණාත්මකයි! ආණ්ඩුවට කිසිම සැලසුමක් නෑ! අඩුමතරමේ පාර්ලිමේන්තුවේදීවත් සැලසුම ගැන පැහැදිලි කරන්න බෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
12


වර්තමානයේ අපේ රට මහා භයානක අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අප රටින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සදහා 44% ප්‍රතිචාරක බදු පැනවීම නිසා අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් අප රටේ අපනයනවලින් 22.8%ක් යන්නේ ඇමෙරිකාවට බවත් ඉන් 40%කි ඇඟලුම් බවත් මේ බදු නිසා අප රටේ අපනයන වලට බරපතළම අභියෝගයක් එල්ල වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ආසනයේ නවගම්පුර කොට්ඨාසයේ පැවැති ජන හමුවකදීය.

මේ බදු නිසා තරගකාරී මිලකට වෙළෙඳපොළට ප්‍රවේශ විය නොහැකි බවත් ඒ නිසා අපනයනවල ඉල්ලුම අඩු වී ආදායම් පහළ ගොස් රැකියා අහිමි වි දුප්පත්කම වැඩි වී ආර්ථිකය පහළ ගොස් ජනතාව අසහනයට පීඩනයට පත් වන බවත් මේ තත්ත්වය මත 2028 ණය ගෙවන්න නොහැකි තත්ත්වයක් උදා වෙන බවත් මේ අභියෝගයට වත්මන් රජය මුහුණ දෙන ආකාරය පැහැදිලි නැති බවත් තවමත් මේ සදහා විසඳුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අඩුගානේ රජයෙ සැලසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේවත් පැහැදිලි කිරීමක් කරන්න බැරි රජයක් ඇති බවත් වත්මන් රජයට නොහැකි බොහෝ දේ විපක්ෂයේ සිට තමා ඉටු කර ඇති බවත් වගකිව යුතු විපක්ෂයක් ලෙස මෝදි අගමැතිතුමා සමග ද සාකච්ඡා කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුුන්නේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here