2026 T20 ලෝක කුසලානයට නැමීබියාව සහ සිම්බාබ්වේ සුදුසුකම් ලබයි

0
1

2026 විස්සයි20 පිරිමි ලෝක කුසලානයට අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලබාගැනීමට සිම්බාබ්වේ හා නැමීබියාව අද (02) සමත් විය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අප්‍රිකානු කලාපීය තරග මේ දිනවල සිම්බාබ්වේ හිදී පැවැත්වෙන අතර, ඒ යටතේ පැවති අවසන් පූර්ව වටයේ තරග ජයගනිමින් ඔවුන් මෙම අවස්ථාව හිමිකරගෙන සිටියි.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ටැන්සානියාව පරාජය කරමින් නැමීබියාව පළමුවෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගත්තේය.

ඉන් අනතුරුව දෙවන අවසන් පූර්ව තරගයේදී සත්කාරක සිම්බාබ්වේ විසින් කෙන්යාව පරාජය කර සිය ලෝක කුසලාන කඩඉම ජයගත්තේය.

දකුණු අප්‍රිකාව දැනටමත් ඍජුවම ලෝක කුසලානට සුදුසුකම් ලබා සිටින අතර, ඒ අනුව අප්‍රිකානු කලාපයෙන් ලෝක කුසලාන වරම් හිමිකරගත් සියලුම කණ්ඩායම් තේරීපත්ව අවසන්ය.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2026 ලෝක කුසලානය කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් පැවැත්වේ.

ඉන් කණ්ඩායම් 17ක් මේ වනවිට තේරීපත්ව අවසන්ව ඇති අතර, ඉතිරි කණ්ඩායම් ත්‍රිත්වය ආසියා-පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අනතුරුව තීරණය වනු ඇත.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here