2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 5 පනී

0
2

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 500,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ජනවාරි මස පළමු දින සිට පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 505,751 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

එහිදී 2026 පෙබරවාරි 01 සිට 22 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සංචාරකයින් 228,424ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ 2026 පෙබරවාරි මාසයේ ගෙවී ගිය සති තුනේ දී, එක් එක් සතිය තුළ සංචාරක පැමිණීම් සංඛ්‍යාව 70,000 සීමාව ඉක්මවා ගොස් තිබීමයි. 

ඒ පෙබරවාරි පළමු සතියේ 70,355ක්, දෙවන සතියේ 77,870ක් සහ තෙවන සතියේ 71,101ක් ලෙසිනි.

සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 89,277 දෙනෙකු ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 55,407 දෙනෙකු, රුසියානු ජාතිකයින් 45,351 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 35,413 දෙනෙකු සහ චීන ජාතිකයින් 31,621 දෙනෙකු ද මේ අතර වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here