2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

0
3

2026 වසරේ පෙබරවාරි 15 වනදා දක්වා ගතවූ කාලය තුළ දිවයිනට සංචාරකයින් 436,000ක් පමණ පැමිණ ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. 

කොළඹ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ වසරේදී රටවල් 15ක් ඉලක්ක කරගනිමින් ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. 

“ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ලෝක මට්ටමින් ඉතාම හොඳ තැනකට ගෙන ඒමට අපි සමත්වෙලා තියෙනවා. ඒ අනුව සංචාරකයින්ගේ පැමිණීම ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමක පවතිනවා. පෙබරවාරි මාසේ 15 වනාද වන විට 436,000ක් පමණ සංචාරකයින් පැමිණිලා තියෙනවා. පෙර වසර සමඟ සංසන්දනය කරන විට එය ඉතාම විශාල අගයක්. “

“අපේ ගෝලිය ප්‍රචාරණ වැඩපිළිවෙලේ රුපියල් බිලියන 2ක් විතර වෙන් කරලා තියෙනවා. රවල් 15ක් ඉලක්ක කරලා.” 

“විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි T20 ක්‍රිකට් තරගාවලිය. ඒ හරහාත් සංචාරක ක්ෂේත්‍රයේ විශාල ආකර්ෂණයක් පැමිණිමක් ලබාගන්න පුළුවන් වුණා. කොළඹ අපිට තිබුණු අභියෝගයක් තමයි occupancy rate එක. මේ වන විට 100ට සීයේ අගයේ තියෙන්නේ. කොළඹ කාමර වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.” 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here