2026 දේශීය ආදායම් සංශෝධන පනතේ බදු සහන සහ සංශෝධන…

0
3

රෂිකා හෙන්නායක අප්‍රේල් 06, කොළඹ LNW :

2026 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතෙහි අඩංගු වූ මතභේදාත්මක වගන්ති කිහිපයක් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එල්ල වූ නීතිමය අභියෝග සහ බදු ගෙවන්නන්ගේ දැඩි විරෝධය හමුවේ, සාක්ෂි ඉදිරිපත් කිරීමේ දැඩි සීමාවන් සහ “සංචිත” යන්නෙහි නව අර්ථ දැක්වීම් ඉවත් කිරීමට බලධාරීන් එකඟ වී ඇත.

මීට අමතරව, ප්‍රාග්ධන බදු සහ පොලී සහන සම්බන්ධයෙන් හිතකර වෙනස්කම් සිදු කර ඇති අතර රක්ෂණ සමාගම් සඳහා යෝජිත නව බදු නීති ද අත්හැර දමා තිබේ.

ආයෝජකයන් සඳහා ලබාදෙන විශේෂ වීසා කාණ්ඩ යාවත්කාලීන කරමින් බදු ගෙවන්නන්ට සහ ව්‍යාපාරවලට සහන සැලසෙන පරිදි මෙම සංශෝධන සකස් කර ඇත.

රජය විසින් සිදු කරන ලද මෙම නම්‍යශීලී මැදිහත්වීම මෙරට ව්‍යාපාරික පරිසරය කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පියවර හරහා බදු ක්‍රමය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය තහවුරු වන බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.

The post 2026 දේශීය ආදායම් සංශෝධන පනතේ බදු සහන සහ සංශෝධන… appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here