2026 දී මෙරට ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකථනයක්

0
1

එළැඹෙන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ,  තෝමස් හෙල්බ්ලින් විසින් ඒ බව සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කළ පසුබිමක ආර්ථික වර්ධනයේ ශක්තිමත් ප්‍රකෘතියක් ඇති වූ බවත් පසුගිය වසරේ වර්ධනය 5%ක් වූ අතර මෙම වසරේ පළමු භාගයේදී වර්ධනය 4.8%ක් බවත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කර ඇත.

මේ වන විට එම ශක්තිමත් ප්‍රකෘතියෙන් යම් ප්‍රමාණයක් සාමාන්‍යකරණය කිරීමක් පමණක් වූ අතර, ආර්ථික ක්‍රියාකාරකම්වල මට්ටම අනුව, ඇතැම් වර්ධනයන්හි බලපෑම තාවකාලික බව ද එහිදී අදහස් පළ විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.1%ක් වන අතර, 2024 සහ 2025 දී සැබවින්ම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් දැකිය හැකිවනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් විය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here