2026 වර්ෂය සඳහා වන ඡන්දහිමි නාමලේඛන යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් මහතා පවසයි.
මෙහිදී පෙබරවාරි 01වැනිදා වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ සහ පදිංචිය තහවුරු කළ හැකි පුරවැසියන්ට නාමලේඛනයට ඇතුළත් වීමට සුදුසුකම් පවතී.
ග්‍රාම නිලධාරීන් හරහා දත්ත රැස් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයට අමතරව, මෙවර මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා 2026 නාමලේඛන කෙටුම්පත පරීක්ෂා කිරීමට සහ සංශෝධන ඇතුළත් කිරීමට “ඊ-සේවාවක්” ද හඳුන්වා දී ඇත.
නාමලේඛනය සහතික කිරීම සැප්තැම්බර් 15 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත අතර, කිසියම් හෙයකින් නම ඇතුළත් වී නොමැති නම් මැයි 05 සිට ජුනි 01 දක්වා කාලය තුළ ඒ සඳහා හිමිකම් පෑ හැකිය.
Saru News










