2026 චීන අලුත් අවුරුද්ද කොළඹදී සැමරේ (ඡායා)

0
3

2026 චීන අලුත් අවුරුද්ද හා වසන්ත උත්සවය අද (17) දිනට යෙදී තිබේ.

මේ වසර අශ්වයාගේ වසර ලෙස සැලකේ.

මෙවර චීන අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සැමරුම පසුගිය සතියේදී කොළඹදී පැවැත්වුණි. 

විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා, විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස මහතා, හිටපු ජනාධිපති – මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ, විපක්ෂ දේශපාලඥයන් හා වෘත්තිකයන් මෙන්ම, මෙරට සිටින චීන ප්‍රජාවද මෙම උත්සවයට එක්විය.  

උත්සවය අමතමින් මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා පැවසුවේ චීනය හා ශ්‍රී ලංකාව අතර සර්ව සම්පූර්ණ ප්‍රායෝගික සහයෝගීතාවයක් තවදුරටත් ඉදිරියටම ගෙන යාම සඳහා චීන තානාපති කාර්යාලය විසින් සියලු උත්සහයන් ගන්නා බවයි.

තරග දිනුම් ඇදීම් හා විවිධ සංස්කෘතික අංග වලින් වර්ණවත් වූ මෙම උත්සවයේ අවස්ථා බිඳකි මේ.

(ඡායාරූප හා සටහන:ශානිකා ජයසේකර)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here