2026 පළමු චන්ද්‍රග්‍රහණය අද

0
4

මේ වසරේ මෙරටට දිස්වන පළමු චන්ද්‍රග්‍රහණය අද (03) නිරීක්ෂණය කිරීමට හැකි බව නවීන තාක්ෂණ පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි.

 ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුවත්, චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටන බැවින් මෙරටට එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බවයි.

මෙහිදී චන්ද්‍රයා නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් සවස 6.21 ට උදා වීමෙන් පසුව චන්ද්‍රයාගේ කොටසක් තවමත් පෘථිවියේ සෙවණැල්ලෙන් ආවරණය වී ඇති ආකාරය දැකගතවනු ඇතැයි ඔවුන් කියා සිටී.

මෙම චන්ද්‍රග්‍රහණය පැහැදිලිව නිරීක්ෂණය කළ හැක්කේ වලාකුළු රහිත නැගෙනහිර ක්ෂිතිජය හොඳින් පෙනෙන ස්ථානයක සිට පමණක් බවද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය කියා සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here