2026 දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසයි

0
4

2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා 2026 මාර්තු 18 දින දක්වා බාර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව කෙටුම්පත් කළ උපදේශන පත්‍රිකාව http://www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස පරිශීලනය කළ හැකි ය.



ඒ අනුව, යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා පහත ලිපිනයට හෝ පහත සඳහන් වෙතත් ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව දැනුම් දී ඇත.

“2026 වර්ෂයේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම “

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

06 වන මහල, ලංකා බැංකු වෙලඳ කුළුණි.

28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03

* ෆැක්ස් – 011 2392641

* වටස් ඇප් –  076 4271030

* විද්‍යුත් තැපැල – [email protected]

* වෙබ් අඩවිය –  www.pucsl.gov.lk

ෆෙස්බුක් පිටුව – www.facebook.com/pucsl

මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමේ සැසි පහත කාලසටහන පරිදි පැවත් වේ.

මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ සැසි වලට සහභාගි වීම සඳහා පහත සඳහන් දුරකථන අංක අමතා ලියාපදිංචි විය හැකි බව දැනුම් දී ඇත.

දිනය

07 මාර්තු 2026 – දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, අම්පාර – 077-0399119

11 මාර්තු 2026 – දිස්ත්‍රික් ලේකම කාර්යාල ශ්‍රවණාගාරය, වවුනියාව – 077-0399119

12 මාර්තු 2026 – ප්‍රාදේශීය ලේකම කාර්යාල ශ්‍රවණාගාරය, මාතලේ – 071-4393018

16 මාර්තු 2026 – දිස්ත්‍රික් ලේකම කාර්යාල ශ්‍රවණාගාරය, හම්බන්තොට – 071-4393018

18 මාර්තු 2026 – බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ – 07 – 077-2943193

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here