2025 විගණනයත් ප්‍රමාදවන ලකුණු; කෝප්, කෝපා වැඩ සම්පූර්ණයෙන්ම කොට උඩ

0
10

විගණකාධිපතිවරය්කු පත් නොකිරීම හේතුවෙන් 2025 වසරට අදාල ප්‍රධාන විගණන වාර්තාව පිළියෙල කිරීම ආරම්භ කිරීම ප්‍රමාද වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

අදාළ වාර්තා ව ලබන මැයි මස 31 ට පෙර නිකුත් කළ යුතු වේ.

මීට අමතරව රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම දැනටමත් ප්‍රමාද වී ඇතැයි ද පැවසේ.

විගණන වාර්තා ඉදිරිපත් වීම නැවතීම හේතුවෙන් එම වාර්තා පදනම් කරගෙන විමර්ශන කරන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව සහ රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝපා කමිටුව කටයුතු මුළුමනින්ම නැවතී ඇත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එම කමිටු දෙක ක්‍රියාත්මක වීමට නම් විගණකාධිපතිවරයෙකු සිටිය යුතු බව සඳහන්වේ.

ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය පාලන කටයුතුද අඩාල වීම හේතුවෙන් මෙම කටයුතු ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරනු ලැබ ඇතැයි වාර්තාවේ.

විගණකාධිපතිවරයකු නැතිවීමෙන් විශාල අර්බුද ගණනාවක් පැන නැගී ඇති හෙයින් වහාම එම තනතුර පිරවීමට කටයුතු කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරති.

මූලාශ්‍රය – ලංකාදීප

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here