අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, 2025 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම් 130කදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව සඳහන් වේ.
ඒ අතරින් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් වන අතර, එම සංඛ්‍යාව 30ක් වන බවත්, අත්අඩංගුවට ගත් එම පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් 13 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 09 දෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් 04 දෙනෙකු හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු වන බව සඳහන් වේ.
2025 වර්ෂය තුළ වැටලීම් මඟින් සිදු කළ අත්අඩංගුවට ගැනීම් හැර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කළ පරීක්ෂණවලට අදාළවද පුද්ගලයන් 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් දැක්වේ.
3
Saru News










