2025 උ/පෙළ විශිෂ්ටයන් මෙන්න

0
2

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

මෙවර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ.

මේ අතර අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ගත් සිසුන් පාසල් සිසුන් ගණන 7,477ක් වන අතර, එය 3.38%ක ප්‍රතිශතයකි. පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගෙන ඇත.

විෂය ධාරාවෙන් අනුව මෙවර දිවයිනේ ප්‍රථම, දෙවන,තෙවන ස්ථාන දිනගත් සිසු සිසුවියන් මෙසේය :

ජීව විද්‍යා විෂය ධාරාව

  • පළමු ස්ථානය – ඩිලාන් සංජන (කොළඹ රාජකීය විද්‍යාලය)
  • දෙවන ස්ථානය – ක්‍රිෂාන් සසිදු නම්තර (හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය)
  • තෙවන ස්ථානය – දර්ශනා කෝනේෂ්  (ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාල‍ය, ත්‍රිකුණාමලය)
  • දේවේන්දන් තිරුකුමාරන් (කිලිනොච්චි මහා විද්‍යාලය)
  • තරුෂ ගිම්හාන ගම්ලත් (කුරුණෑගල මලියදේව විද්‍යාලය)
  • විනුර ප්‍රසාද් ද මෙල් (පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය)
  • සුබයිදීන් මොහොමඩ් ෆර්දාන් (කාන්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය)
  • සෙනාදි දිහස්නා සුමනසේකර (කොළඹ මියුසියස් විද්‍යාලය)
  • දිලීප සඳරැස් කරුණාරත්න – (ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය)
  • අචින්ත මිහිරංග රත්නායක (කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය)
  • ආලියා ෂෙයිනා (කොළඹ දේවී බාලිකා විද්‍යාලය)
  • මෙතුසාරි දිනෙත්‍යා රණතුංග (කොළඹ මියුසියස් විද්‍යාලය)
  • හේෂාන් අනුජය වනිගසූරිය (ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය)
  • සිතිජ දූලාන් බණ්ඩාර (මහව විජයබා ජාතික පාසල)
  • රිවීන් විංසර (මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර මහා විද්‍යාලය)
  • ඉෂානි මනෝධා (ගම්පහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය)
  • විහංගා ඉමාෂා කන්දේආරච්චි  (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාල)
  • ජයත්මා අමන්දි විජේසිංහ (ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here