2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

0
2

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (19) සමත්විය.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තුන්වැනි සහ අවසන් තරගය චීනයට එරෙහිව කොළඹ තුරග තරඟ පිටියේදී අද උදෑසන පැවැත්වුණි.

මෙම තරගය ලකුණු 34ට 07ක විශිෂ්ට ජය වාර්තා කරමින් ශ්‍රී ලංකාව අපරාජිතව කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව සහභාගි වන කුසලාන අවසන් පූර්ව තරගය ප්‍රබල ජපානයට එරෙහිව අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here