2025 දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,252 ක්

0
12

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්‍යා ලේඛන මත පදනම්ව ඇස්තමේන්තු ගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිශ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15 ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

2025දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය 5.6% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කෙරිණි.

එය තිරසාර වර්ධනයක් සහ වැඩි දියුණු වන බාහිර වෙළඳ තත්ත්වයන් පෙන්නුම් කරයි.

2025 දෙසැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1490.49ක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.

එය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 3.95%ක වර්ධනයකි.

මෙම කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීමටත්, ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාවය ඉස්මතු කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,252.15 ක් වූ බවත්, එය අපනයන ඉලක්කයෙන් 94.79% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත් බවයි.

ප්‍රධාන වෙළඳපොළවල් යථා තත්ත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය අවධාරණය කරන බව ඔහු සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here