2025දී ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 17.2ක් ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්‍යා ලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන දාහත්දහස් දෙසිය පනස් දෙකයි ශත පහලොවක් ($ B 17,252.15) වන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ පවසයි.
2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය 5.6%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත.
2025 දෙසැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන එක්දහස් හාරසිය අනූවයි ශත හතලිස් නවයකි ($ M 1490.49).
එය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 3.95%ක වර්ධනයකි. මෙම කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමටත්, ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාවය ඉස්මතු කරයි.
1
Saru News










