2024 දී ලංකාවේ ජනගහනය 21,781,800 ක්

0
3

2012ට වඩා ලක්ෂ 14 කින් වැඩිවෙලා

වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයෙන්

වර්ෂ 2012 – 2024 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ජනගහනය 21,781,800 ක් දක්වා මිලියන 1.4කින් (1,422,361 කින්) වර්ධනය වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශයට පත් කළේය.

2024 වසරේ සිදුකළ ජන හා නිවාස සංගණනයේ තොරතුරු ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශාමලී කරුණාරත්න මහත්මිය මේ බව කීවාය. අවසන් වරට පැවැති 2012 වසරේ ජන හා නිවාස සංගණනයේදී වාර්තා වූ ශ්‍රී ලංකාවේ ජනගහනය 20,359,439 ක් බව ද සඳහන් කළ ඇය වාර්ෂික ජනගහන වර්ධන අනුපාතය මේ කාලයේදී සියයට 0.7 සිට සියයට 0.5 දක්වා අඩුවී ඇති බවද ඇය සඳහන් කළාය.

2024 දී වාර්තා වූ 21,781,800 ක් වූ මුළු ජනගහනයෙන් සියයට 51.7 ක් ස්ත්‍රීන් සහ සියයට 48.3 ක් පුරුෂයින් ද වේ. රටේ වයස 15ට අඩු ජනගහනය වර්ෂ 2012 – 2024 අතර කාලයේදී සියයට 25.2 සිට සියයට 20.7 ක් දක්වා සියයට 4.5 කින් අඩුවී ඇති අතර එසේම මේ කාලයේදී වයස අවුරුදු 65ට වැඩි ජනගහනය සියයට 7.9 සිට සියයට 12.6 දක්වා ද වැඩිවී තිබේ.

එසේම 2024 ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනය සිටින දිස්ත්‍රික්කය ගම්පහ වන අතර එම දිස්ත්‍රික්කයේ වෙසෙන ජන සංඛ්‍යාව 2,436,142 ක් වේ. කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන ජනගහනය 2,375,415 කි. එහෙත් 2012 වසරේ ජන හා නිවාස

සංගණනයේදී ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් වාර්තාවූ දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here