වසර 2022/ 2023 කාලයේදී අස්වැසුම පළමු වටයේ ඉල්ලුම් කළ ප්රතිලාභීන් රජයට ලබා දුන් තොරතුරු යාවත්කාලීන කිරීමේ සංගණන වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ.
මාර්තු 28 වැනිදා දක්වා රට පුරා මේ වැඩසටහන ක්රියාත්මක කෙරෙයි.
මෙලෙස ජනතාව ලබාදුන් තොරතුරු යාවත්කාලීන කිරීමේ සංගණන කටයුත්ත ග්රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සංගණන කටයුතු සඳහා නම් කරන ලද සංගණන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සෑම ග්රාමසේවක වසමකම, ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකම සිදු කරන බව සමාජ සුභසාධක මණ්ඩලය පවසයි.
මෙම ප්රතිලාභය අපේක්ෂාවෙන් රටවැසියන් ලක්ෂ 29ක් දෙනා තොරතුරු ලබා දී තිබේ. එම තොරතුරු මෙවර යාවත්කාලීන කරන බව සමාජ සුබසාධක මණ්ඩලයේ සභාපති නිමල් කොටුවලගෙදර මහතා පැවැසීය.
ඒ අනුව ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පත්කළ නිලධාරීන් අස්වැසුම ප්රතිලාභීන්ගේ නිවාස වෙත පැමිණ තොරතුරු යාවත්කාලීන කරනු ඇත.
Saru News
















