තාරුණ්‍ය සහ විලාසිතා කියන්නේ එකට ඉන්න මිතුරන්.විලාසිතා වලින් තොර තාරුණ්‍යයක් නැතිවා වගේම තාරුණ්‍ය අමතක කරලා විලාසිතා වලට පැවැත්මකුත් නැහැ .ඉතින් දවසින් දවස අලුත් වන විලාසිතා ලෝකයෙන් 2017 වර්ෂයටම ආවේණික වුණ නවතම විලාසිතා කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නයි මේ සූදානම…….
මේවා නම් සමහර විට අල්මාරිය මුල්ලකින් මතු කරගන්නත් පුළුවන් වේවි.මේ අවුරුද්ද මිනි ස්කර්ට් එකට තැනක් ලැබෙන අවුරුද්දක්.තරුණ බව කෙළිලොල් බව වැඩි වෙලා පෙනෙන ඇඳුමක් තමයි මිනි ස්කර්ට් කියන්නේ.
මේ අවුරුද්ද ග්‍රැෆික් ටී ෂර්ට් විලාසිතා වලට කියාපුම වසර. ඒ නිසා ෂොපින් කරද්දී මේ බව මතක තියාගන්න.
සුදු පාට 2017 විලාසිතා ලෝකය කළඹවන වර්ණය බවට පත් වී අවසන්.ඕනෑම ස්කින් ටෝන් එකකට ගැළපෙන පාටක් නිසා ලොව පුරා තරුණියන්ට සරාගී සුන්දරත්වයක් ගෙන දේවි.
පරණ තාලේ විලාසිතා නැවත නැවත මතු වීම සාමාන්‍යයි.ප්‍රමාණයෙන් විශාල අත් තියෙන උඩුකය ඇඳුම් මේ වසරේ ඔබට ක්ලැසික් පෙනුමක් ගෙන දේවි.මහත වගේම සිහින් ශරීර තියෙන දෙපිරිසටම එක හා සමානව ගැළපෙන කදිම විලාසිතාවක් විදියට මේ විලාසිතාව හඳුන්වන්න පුළුවන්.
සොබා දහමට සමීප සුමුදු රෙදි, දීප්තිමත් වර්ණ වල අපිළිවෙල ග්‍රැෆික් රටා මේ වසරේ විලාසිතා ලෝකය අලුත් ඉසව්වකට රැගෙන යනවා. ඉතින් අලුත් බවේ කොටස්කාරියන් වෙන්න කැමති අයටයි මේ අවස්තාව.
මේ වසර මුද්‍රිත මල් වලින් හැඩවුන විලාසිතා වලට ඉඩක් කඩක් තියෙන වසරක් .පෞරාණික බවක් පෙනෙන පැරණි යුරෝපයේ වෝල් පේපර් වල තිබුන මෝස්තර ලොව පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා.මේ විලාසිතාවන් උත්සව අවස්ථාවකටත් කදිම තෝරා ගැනීමක් වේවි.
ඉතින් නව යොවුන් වියේ පසුවන්නනට පමණක් නොවෙයි හැඩට වැඩට ඉන්න කැමති කොයි කාටත් මේ විලාසිතා නව පෙනුමක් රැගෙන ඒවි .
– චම්මි –
Saru FM Media