2017දී තයිරොක්සින් පෙති ගැනීමෙන් රජයට මිලියන 16ක් පාඩු කරලා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

0
1

2017 වර්ෂයේදී වෛද්‍ය සැපැයුම් ඒකකයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත, කල් ඉකුත්වීමට ආසන්නව තිබූ තයිරොක්සින් (Thyroxin) පෙති මිලියන 28ක් එම ඒකකය විසින්ම භාරගැනීමෙන් රජයට රුපියල් මිලියන 16 ක මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි විශේෂඥ වෛද්‍ය, චමල් සංජීව මහතා පවසයි.

මෙම සිද්ධියට වගකිව යුතු ඉහළ නිලධාරීන් මඟහැර, පහළ නිලධාරීන්ට පමණක් විනය පරීක්ෂණ පවත්වා ඇතැයි පෙරේදා (22දා) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා චෝදනා කර සිටියේය.

2016 සැප්තැම්බර් කාලසීමාවේදී භාරගෙන ඇති අදාළ තයිරොක්සින් පෙති මිලියන 28ක තොගයේ කල් ඉකුත්වීමේ දිනය 2017 ජුනි මාසය ලෙස සටහන්ව තිබී ඇති බව මේ පිළිබඳව හෙළි කළ අභ්‍යන්තර විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම තයිරොක්සින් පෙති මිලදී ගැනීම සඳහා අදාළ සමාගම්වලට ගෙවූ රුපියල් මිලියන 16 ක මුදල සම්බන්ධයෙන් වගකිව යුතු ඉහළ නිලධාරීන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක් බවත්, වෛද්‍ය සැපැයුම් ඒකකය තුළ දිගින් දිගටම සිදුවෙමින් පවතින මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here