2016 සිට රාජ්‍ය සේවයට එක්වුණු අයට සුබ ආරංචියක්

0
4

2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට අදාළ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එම අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව 2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලු රාජ්‍ය නිලධරයන් සඳහා පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් පිලිබඳ වගන්තිය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

එම සංශෝධනයට අනුව සියලුම රාජ්‍ය නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන අතර ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන නිලධරයන්ගේ පත්වීම් ලිපිවල ද විශ්‍රාම වැටුප් පිලිබඳ වගන්තිය මෙලෙස සංශෝධනය කිරීම සිදුකළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here