2016ට පසු රාජ්‍ය සේවයට බැඳුනු සියලු දෙනාට විශ්‍රාම වැටුප් හිමිකම්

0
2

2016 ජනවාරි 01 දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සියලු නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීම සඳහා පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අදාළ චක්‍රලේඛය අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව 2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලු රාජ්‍ය නිලධරයන් සඳහා පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් පිලිබඳ වගන්තිය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

එම කාලසීමාවට අයත් සියලු රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට නියමිතය.

එසේම, ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන නිලධරයන්ගේ පත්වීම් ලිපිවලද විශ්‍රාම වැටුප් පිළිබඳ වගන්තිය මෙලෙස සංශෝධනය කිරීම අනිවාර්ය වන බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here