2015 සිට මේ දක්වා ගෘහස්ත හිංසන දාහතර ලක්ෂය පනී

0
5

2015 වසරේ සිට 2025 වසරේ මේ දක්වා කාලය තුළ’ වාර්තා වූ’ගෘහස්ත හිංසන සිදුවීම් සංඛ්‍යාව දාහතර ලක්ෂ ‘විසිඑක්දහස් හත්සිය හැටඑකක් බව කාන්තා හා ලමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය’නාමල් ගුණරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (19) අනාවරණය කළේය.

1998 ලමා හා කාන්තා උපකාරක සේවයට හා ශ්‍රී ලංකා පොලිසිය වෙත ලැබුණු පැමිණිලි වශයෙන් එම පැමිණිලි සංඛ්‍යාව සටහන් වන බවත් 2025 සැප්තැම්බර් දක්වා පැමිණිලි 113043 ක්ද ලැබී’ ඇති බවත් නාමල් ගුණරත්න මහතා පැවසීය.

මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය මතු කරනලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ප්‍රශ්නය යොමුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය සඳහන් කළේ මෙරට කාන්තාවන්ගෙන් සියයට විස්සක් එනම් පහෙන් එකක් ගෘහස්ත හිංසනයට ලක්වන බවයිග මෙය බරපතල තත්ත්වයක් බවත් වහා මේ වෙනුවෙන් විසඳුම් ලබාදිය යුතු බවත් හෙතෙම සඳහන් කළාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ’නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සෑම වර්ෂයකදීම පැමිණිලි එක්ලක්ෂ’විසිපන්දහසකට අධික සංඛ්‍යාවක් ලැබී’ඇති බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here