2009/2010 ග්‍රාම නිලධාරි එකමුතුවේ ගැටලු සාකච්ඡා කරන්න අමාත්‍යංශයෙන් දිනයක්

0
3

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින් වෙනුවෙන් හදිසි සාකච්ඡාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එලැඹෙන 27 වනදාට එම සාකච්ඡාව පැවැත්වීමට නියයමිත බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්,  2009/2010 ග්‍රාම නිලධාරි එකමුතුව පැවසුවේ මාර්තු මස 03වනදාට සිය එකමුතුව විසින්,  රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බවට වාර්තා වීම හේතුවෙන් මෙම සාකච්ඡාව ලබා දී ඇති බවය.

වසර 17ක සිට තිබෙන ශ්‍රේණි ගැටලුවට විසඳුම් ඉල්ලා දීර්ඝ කාලයක සිට සිදුකරන ලද සාකච්ඡා අසාර්ථක වීම සහ පරිපාලන නිලධාරින් මෙම ගැටලුව නොසලකා හරිමින් කල්මැරීම යන කරුණු මත සිය කණ්ඩායම විසින් අනෙක් ග්‍රාම නිලධාරි වෘත්තිය සංගම් සියල්ල සහ පරිපාලන ග්‍රාම නිලධාරි සංගම්වල සහාය ඇතිව වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමේ තීරණයක සිටි බව සඳහන් වේ.

2007 වර්ෂයේ පැවැති බඳවාගැනීමේ තරග විභාගයෙන් සමත්ව ග්‍රාම නිලධාරි සේවයට එක්වූ 2,300කට අධික එනම් දැනට සක්‍රීය සේවයේ සිටින නිලධාරින්ගෙන් 25%කට ආසන්න සංඛ්‍යාවක් 009/2010 ග්‍රාම නිලධාරි එකමුතු නියෝජනය කරයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සිය සාධාරණ වෘත්තීය ඉල්ලීම් ජයග්‍රහණය කරන තෙක් ඉදිරියේදී කටයුතු කරන බවය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here