2009 සිට ගල් අඟුරු ටෙන්ඩර පිළිබඳ විමර්ශනයට විශේෂ ජනාධිපති කොමිසමක්… – Saru News | සිංහල

0
3

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ආරම්භයේ සිට ගල් අඟුරු ගෙන්වීමට අදාළව අනුමත කළ සියළුම ටෙන්ඩර් පිළිබඳ විමර්ශනය සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධ ඇමති සභානායක බිමල් රත්නායක අද (10) පාරල්මේන්තුවේදී පැවසීය.

මෙම කොමිසම සදහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් පත් කරන බවත්, කොමිසමෙන් වත්මන් බලශක්ති ඇමති වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසී.

එමෙන්ම මෙතෙක් සිදු කළ ගල් අඟුරු ටෙන්ඩර්වල සිදුව ඇති බවට යම් වංචාවක් හෝ දූෂණයක් අනාවරණය වුවහොත් ඔවුන්ටද නීතියට මුහුණදීමට සිදුවන බවද ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධ ඇමති සභානායක බිමල් රත්නායක සඳහන් කළේය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here