Wednesday, May 7, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් 2007 දීත් වෛද්‍ය අතවර – මීගමුව රෝහල ‘වල්’ ද?

2007 දීත් වෛද්‍ය අතවර – මීගමුව රෝහල ‘වල්’ ද?

0
12


Medical assault still ongoing in 2007 - Is Negombo Hospital 'wild'?

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියකට එහි සේවයේ නියුතු වෛද්‍යවරයෙකු විසින් ලිංගික අතවරයක් කර ඇතැයි බරපතල චෝදනාවක් මේ වන විට එල්ල වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය අධිකාරිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව විධිමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අදාළ තරුණිය ඊයේ පෙරවරුවේදී අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර, ඉන්පසුව ඇයව නැවත රෝහලට පැමිණවීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අදාළ අංශය වෙත යොමු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තරුණිය දැනට මීගමුව රෝහලේ නේවාසික වාට්ටුවක රඳවා ගෙන සිටින බවද වාර්තා වේ.
චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා හලාවත ප්‍රදේශයේ සිට මාරුවීමක් ලබා මෑතකදී මීගමුව රෝහලට පැමිණ ඇති අයෙකු බව සඳහන් වන අතර, ඔහුට එරෙහිව මීට පෙරද විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවට සැක කෙරෙයි. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ, මෙම සිද්ධිය වාර්තා වූ දිනයේදීම (ඊයේ) එම වෛද්‍යවරයා මීගමුව රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ සේවයේ නිරතව සිටි බවයි, එය බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.
කෙසේ වෙතත්, රෝහල් පරිපාලනය තරමක් ප්‍රමාදවී ක්‍රියාත්මක වී ඇති අතර,
අභ්‍යන්තර විමර්ශන කටයුතු නිම වන තෙක් චෝදනා ලැබ සිටින වෛද්‍යවරයාගේ රෝගී සත්කාරක සේවය අත්හිටුවා ඇති බව දැනගන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක්ද පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම තරුණියගේ රෝග පරීක්ෂාව සිදු කිරීමේදී අදාළ වෛද්‍යවරයා අවම වෛද්‍ය ආචාර ධර්ම අනුගමනය කර නොමැති බවට ද චෝදනා එල්ල වී තිබේ. මේ අතර, සමහර වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා ලබා සිටින වෛද්‍යවරයා බේරා ගැනීමට උත්සාහයක නිරත වන බව මේ වනවිටත් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් වත්මන් රෝහල් අධ්‍යක්ෂවරිය අපක්ෂපාතීව සහ නිසි අයුරින් සිය රාජකාරිය ඉටු කරමින් සිටින බවද වාර්තා වේ.
මෙම සිද්ධිය විශේෂයෙන් සංවේදී වන්නේ 2007 වසරේදී මීගමුව රෝහලේ සිමාවාසික වෛද්‍යවරයෙකු වූ සුදර්ශන බාලගේ නැමැත්තා විසින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණියකව දූෂණය කොට රෝහලේ 6 වැනි තට්ටුවෙන් පහළට ඇද දමා ඝාතනය කර තිබූ බැවිනි.
එම සිද්ධියට පෙර අවස්ථා කිහිපයකදීම සුදර්ශන බාලගේ විසින් කාන්තාවන්ට විවිධ ලිංගික අතවර කර තිබූ බවට චෝදනා එල්ල වී තිබුණද, එවකට සිටි රෝහල් පරිපාලනය ඔහුට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබිණි.
එබැවින්, වත්මන් රෝහල් පරිපාලනය පැරණි වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන පක්ෂපාතී නොවී නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කෙරේ. විශේෂයෙන් මීගමුව රෝහලට පැමිණ සිටින වත්මන් අධ්‍යක්ෂවරිය අපක්ෂපාතීව සෘජු තීරණ ගනිමින් සිටීම සැබැවින්ම අගය කළ යුතු කරුණක් බව සඳහන් කෙරේ.
මේ අතර චෝදනා ලැබ සිටින වෛද්‍යවරයාට එරෙහිව පොලිසිය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න ගැන මීගමුවේ බොහෝ දෙනා දැඩි විමසිල්ලකින් පසුවන අතර, මෑතකදී අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කළ තැනැත්තා සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ආකාරයට සාපේක්ෂව මීගමුව පොලිසියේ බලධාරීන් මෙම සිද්ධියට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දක්වන්නේද යන්න පිළිබඳවද ප්‍රශ්න මතු වී තිබේ.
මෙවැනි චෝදනා ලැබූ වෛද්‍යවරුන් පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවා නිසි පියවර ගනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ අපේක්ෂාව වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දියත් කිරීම හා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීම සාධාරණත්වය හා මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන බව පෙන්වා දෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here