20-20-20 නීතිය : ඇස රැකගමු ඇස වගේ!

0
18


රෂිකා හෙන්නායක

ඔබත් ඔබේ ඇස් දෙක ජීවිතේ සටිනම දේවල් වලට සමකර තිබෙනවද? ඔයා මගේ ඇස් දෙක වගේ කියලා අපි වැඩියෙන්ම ආදරේ කරන අයට කියන්නේත් එතරම් වටිනාකමක් සහ සංවේදීකමක් ඇස් වලට දෙන නිසා බව ඔබටත් වැටහෙනවා ඇතිනේ නේද?

ඉතින් මේ තරම් වටින ඇස් පරෙස්සම් කරගන්න එකත් ඉතාම වැදගත් වගේම ඇස් රැකගන්න ඔබ කල යුතු දේවල් ගැන දත යුතු දෑ බොහෝමයි.

නිතරම දෑසට විවේක ලබා  දීම (20-20-20 නීතිය)

තිරයක් (කම්පියුටරය, දුරකථනය) ඉදිරියේ වැඩ කරන විට මිනිත්තු 20කට වරක්, අඩුම තරමට අඩි 20ක් (6 මීටර්) දුරින් පිහිටන වස්තුවක් තත්පර 20ක් නිරීක්ෂණය කරන්න හුරු වෙන්න. එක දිගට ඩිජිටල් තිර දිහා බලාගෙන වැඩ කරන එකෙන් ඔබේ දෑස් අතිශය වෙහෙසකට ලක් වෙනවා. ඉතින්, ඒ වෙහෙසින් මිදෙන්න නම් ඈතක් දිහා බලාගෙන ඉඳලා ඇස් ඉහිල් වෙන්න දෙන්න අවශ්‍යයි. කොල පාට, නිල් පාට වගේ පාට වලින් මේ ඉහිල් වීම ටහ්ව සෞම්‍ය කරවනවා.

සන්සුන් නින්දක් ලබා ගැනීම

සෑම රාත්‍රියකම පැයක 7-8ක් නිදා ගැනීම දෑස නැවුම්ව තබා ගැනීමට උදව් වෙනවා. නින්ද එතරම් අවශ්‍ය වුනත්, සමහර වෙලාව්ට අපට නිදි වර්ජිත රැයවල් පහු වෙනවා. එහෙම දවස් වලදී දෑස් වෙනුවෙන් ඉහිල් වෙන්න ව්‍යායාම කරන්නවත් ඔබ හුරු වෙන එක වටිනවා.

සන්සුන් ආලෝකය යටතේ කියවීම හා වැඩ කිරීම

අධික ආලෝකය හෝ අඳුරු තැනක වැඩ කිරීමෙන් දෑසට ආතතියක් ලැබෙන්න පුලුවන්.  ඒ නිසා නිතරම  ආලෝකය යටතේ වැඩ කරන්න හුරු වෙන්න අවශ්‍යයි. රෑට විදුලි පහන් සියල්ල නිවාදමලා  ජංගම දුරකතනය භාවිතා කරන එකත් ඉතාම නරක පුරුද්දක්. ඉන් ඔබේ දෑස් අතිශය දැඩි විඩාවකට පත් වෙනවා. ඇස් වටා අඳුරු පැහැ ගැන්වෙන්නත් මේ පුරුද්ද  බලපානවා.  Blue Light Filter භාවිතා කරන එකත් මෙහිදී වැදගත් කියලා සඳහන් කරන්න පුලුවන්.රාත්‍රී කාලයේ තිරයෙහි නිල් ආලෝකය (blue light) දෑසට හානිදායක වීමේ හානිය මින් වලක්වා ගන්නට පිලිවන්.

දෑස් වලට  හිතකර ආහාර වලට හුරු වෙන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here