දෙරණ සිය විසි වැනි සංවත්සරයට සමගාමීව දියත් කෙරුණු ”දෙරණ – රිට්ස්බරි මව්බිමට වීරයෙක් – රටට සම්පතක්” ව්‍යාපෘතිය අද (05) නිල වශයෙන් දියත් කෙරිණි.
මේ යටතේ ගමින්ගම, නගරයෙන් නගරය සිසාරා මලල ක්‍රීඩාවලට සහජ දක්ෂතා දක්වන තාරුණ්‍යය ගවේෂණය කරන මෙය රියැලිටි තරගාවලියක් ලෙස ක්‍රියාත්මකය.
වසර 25කට පසු ශ්‍රී ලංකාවට ඔලිම්පික් සිහිනය සැබෑ කරදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන’ යන්න තේමාව කරගනිමින් මෙරට රූපවාහිනී මාධ්‍යයට නවමු සංකල්ප තිළිණ කළ TV දෙරණ සිය විසි වන සංවත්සරය අභිමානයෙන් සමරයි.
දෙරණ, මේ විසි වසර පුරා සිය මාධ්‍ය මෙහෙවර ඉදිරියට ගෙනයමින් මනුසත් දෙරණ, ලිට්ල් හාර්ට්ස් ඇතුළු සමාජ සේවා ව්‍යාපෘති රැසකට සම්බන්ධ වූයේ රටට අවැසිම තැනදි සිය යුතුකම නොපිරිහෙලා ඉටු කරමිනි.
එමෙන්ම කොළඹින් එපිට ප්‍රදේශවල දක්ෂතාවලින් සපිරිණු තාරුණ්‍යය සොයා දෙරණ ගිය ගමනේ ප්‍රතිඵල ලෙස වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමටත් , විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් තිළිණ කෙරිණි.
ඉන් නොනැවතී දක්ෂතාවලින් පරිපූර්ණ, නමුත් ආර්ථික දුෂ්කරතාවලින් හෙබි ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට සවියක් වීමේ අරමුණින් දෙරණ මාධ්‍ය ජාලය ආරම්භ කළ “මතු දෙරණ” ව්‍යාපෘතිය යටතේ නෙත්මි අහිංසා , චමෝදි ප්‍රබෝධා , අරුණ දර්ශන ඇතුළු දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකටම සවියක් විය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මීටර් 100 ධාවන ශූර යුපුන් අබේකෝන්ටද “මතු දෙරණ” ව්‍යාපෘතිය යටතේ සිය දක්ෂතා ඔප් නංවා ගැනීමටද අවස්ථාව සලසා දුන්නේය.
එතැනින් තවත් ඉදිරියට ගොස් දෙරණ සිය 20 වන සංවත්සරය සමරන මේ මොහොතේ ”දෙරණ – රිට්ස්බරි මව්බිමට වීරයෙක් – රටට සම්පතක්” ව්‍යාපෘතිය අද නිල වශයෙන් දියත් කෙරිණි.
ඒ පිළිබඳව දැනුවත් කිරීමේ සජීවි විකාශය අද පෙරවරු 9.00ට ඇරඔුණේ දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ සහ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.
ඒ අනුව ”මව්බිමට වීරයෙක් – රටට සම්පතක්” ව්‍යාපෘතිය යටතේ ගමින් ගම නගරයෙන් නගරය සිසාරා සහජ දක්ෂතා ගවේෂණය කරන රියැලිටි තරගාවලියක් ලෙස මෙය දියත් වේ.
එහිදී වයස අවුරුදු 17න් පහළ සහ 19න් පහළ මීටර 100 , මීටර 400 , මීටර 800 හෝ හෙල්ල විසිකිරිමට දක්ෂතා දක්වන අයට මේ සඳහා අයැදුම් කළ හැකියි.
Saru FM Media