2024 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (26) අන්තර්ජාලයට නිකුත් කෙරුණා.
මෙවර විභාග ප්‍රතිඵල අනුව සිසුන් 177,588 දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
එය සමස්ත ප්‍රමාණයෙන් 64.43%ක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊට පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ඇතුළත්.
2024 උසස් පෙළ විභාගය වෙනුවෙන් අපේක්ෂකයින් 247,361ක් පෙනී සිටි අතර, ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ඇතුළත් වනවා.
මේ අතර විභාග ප්‍රතිපල නැවත සමීක්ෂණය සඳහා එළඹෙන මැයි මස 02 වනදා සිට 16 වනදා දක්වා අපේක්ෂකයින්ට අයදුම් කිරීමට අවස්ථාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Saru FM Media