Intermittent Fasting කියන්නේ සෑම දිනයක ම යම්කිසි කාල සීමාවක් ආහාර ගැනීමෙන් තොර ව සිටීමයි. ඔබට පහසුවක් වන්නට අපි අද Intermittent Fasting meal plan කිහිපයක් ගෙන එනවා. මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. මේ සැලසුම ගොඩ නැගී ඇත්තේ ඔබ ආහාර ගන්නේ කොයි වෙලාවට ද යන කරුණ මතයි. ඔබ ආහාර ගන්නේ මොනවාද යන්නත් ඒ වගේ ම වැදගත් වනවා. ඔබ ආහාර ලබා ගන්නා කාල සීමාවේ දී ඔබට හිතකර මේද, ශුද්ධ ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් ගැන උනන්දු විය යුතුමයි.
ඔබ මුලින් ම, උදේ අටේ සිට හවස හය දක්වා කාලය තුළ ආහාර ගැනීම සුදුසුයි. මෙහිදී ඔබ පැය 14 ක් නිරාහාර ව සිටිනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
අලිගැටපේර ගෙඩියක්
පොල්කිරි කෝප්පයක්
නිවිති කොළ කෝප්පයක්
මිදි ගෙඩි කිහිපයක්
චියා ඇට මේස හැන්දක්
සියල්ල බ්ලෙන්ඩර් එකකට දමා අඹරා පානය කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
අඹරා ගත් චිකන් ග්‍රෑම් දෙසීයක්
අඹරා ගත් සුදුලූණු දෙකක්
කුඩාවට කැපූ කරපිංචා ටිකක්
ලුණු සහ ගම්මිරිස්
තෙල් ස්වල්පයක්
තෙල් හැර සියල්ල එකට දමා අනාගෙන, රොටියක් සේ වඩාගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා දෙපැත්ත හොඳින් ඉදෙන සේ බැදගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
පොල්ක්‍රීම් කෝප්ප බාගයක්
කුරුඳු කුඩු තේ හැන්දක්
පොල්තෙල් මේස හැන්දක්
ආමන්ඩ් බටර් මේස හැඳි දෙකක්
පොල් ක්‍රීම් සමග කුරුඳු තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කර ගන්න. එය බඳුනක තුනී කරගන්න. කුරුඳු තේ හැඳි බාගයක් සමග ආමන්ඩ් බටර් සහ පොල්තෙල් ස්වල්පය කලවම් කර පොල්ක්‍රීම් මිශ්‍රණය මත තවරන්න. විනාඩි 10ක් ශීතකරණයේ තබා කෑලි කපා ආහාරයට ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
තැම්බූ මාලු ග්‍රෑම් දෙසීයක් පමණ
කුඩාවට කැපූ එළවලු කෝප්ප බාගයක්
ඔලිව් ඔයිල් මේස හැන්දක්
දෙහි යුෂ ස්වල්පයක්
ලුණු සහ ගම්මිරිස්
ඉහත සියල්ල හොඳින් කලවම් කර ආහාරයට ගන්න.
මෙම සැලසුමේ දී ඔබ දවල් දොළහේ සිට හවස හය දක්වා ආහාර ගන්නා අතර, පැය 18ක් ආහාර ගැනීමෙන් වැළකී සිටීම කළ යුතුයි. හැකිතාක් ජලය පානය කළ යුතුයි.
Saru FM Media