පොළොන්නරුව – සෙවණපිටිය, මහවැව ප්‍රදේශයේ බාලවයස්කාර පිරිමි දරුවෙකු අතුරුදන් ව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ 08 හැවිරිදි මෙම දරුවා ඊයේ (14) පාසල් ගොස් යළි නිවසට නොපැමිණි බවට දරුවාගේ පියා විසින් පොලිසියට පැමිණිලි කරන ලද බවයි.
අතුරුදන් වූ දරුවා පොළොන්නරුව – කඳුරුවල නගර මහා විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින හෙට්ටිආරච්චි කළු අග්ගල දොන් ඉෂාන් මධූෂ ඔනාත් කුමාර නමැති දරුවෙකු බවයි.
29 හැවිරිදි දෙදරු පියෙකු වන තරංග ලක්ෂාන් නමැති අතුරුදන් වූ දරුවාගේ පියා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පොළොන්නරුව පොලිසියට හෝ 076-8372189 යන සිය දූරකථන අංකයට දැනුම්දෙන ලෙසයි.
තම පුතු ලංගම බස් රථයෙන් පාසල් ගොස් වෙනදා මෙන් නිවසට නොපැමිණි බවත් සිය පුතු සොයා පාසලට ගිය ද රාත්‍රී 09 තෙක් ම දරුවා සොයාගත නොහැකි වූ බවත් එම දරුවාගේ පියා පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය විමර්ශන සිදු කරනවා.
Saru FM Media