කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණය හමුවේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ කණ්ඩායම් සිය පූර්ව ප්‍රචාරණ කටයුතු සිදුකරමින් පසුවෙති. මෙතෙක් කාලයක් එම ආයතන තුළ පාලන බලය ගෙන ගිය කණ්ඩායම් ද මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඔවුන් විසින් පසුගිය පාලන සමයන්හිදී ගෙන ගිය ක්‍රියාකලාපයන් ගැන අනාවරණය වීම්ද සිදුවෙමින් පවතී. එහි පියවරක ලෙස කුරුණෑගල මහ නගර සභාවේ පසුගිය පාලන සමයන් විසින් සිදුකරන ලද අක්‍රමිකතා පිළිබඳව කුරුණැගල නාගරික බදු ගෙවන්නන්ගේ සංගමය විසින් විශේෂ අනාවරණය කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව ඔවුන් අවධාරණය කරන්නේ එළඹෙන 06 වැනිදා කුරුණෑගල මහ නගර සභාවේ පාලන බලය වෙනුවෙන් යොදන කතිරය ගැසීමට පෙර එම අකටයුතුකම් ගැන සිත බලන ලෙසයි.
පසුගිය පාලනය තුළ ජනතාවගේ බදු මුදලින් සෑදූ කඩකාමර නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති හා අනිකුත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හිතුමතේ බෙදාගෙන ඇති ආකාරය ඔවුන් මෙලෙස හෙළිකර සිටියි.
නගරාධිපතිතුමන්ගේ ඥාති සම්බන්ධතා මත ලබාගත් කඩකාමර
නාගරික මන්ත්‍රීවරුන්ට කඩකාමර ලබාදීම.
මේ අතර ජනතා බදු මුදලින් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලැප්ටොප් ලබාගෙන ඇත බවද නාගරික බදුගේවන්නන්ගේ සංගමය විසින් හෙළිදරව් කරයි.
වැදගත් කරුණ නම් පසුගිය කාලයේ පාලනය මෙහෙය වූ තුෂාර සංජීව විතාරණ දූෂිත ,වංචනික, නගරාධිපති, අධිකරණයෙන් දඬුවම් ලබා මේ වන විට ප්‍රජා අයිතිය ද අහෝසි වී සිටීමයි. එනමුත් බල පෙරේතකම කොතෙක්ද කියා ඔබ දන්නවාද? පසුගිය පාලනය තුළ සිදුකළ වංචා දූෂණ වසා ගැනීමට ඔහු විසින් කඩ, ලැප්ටොප් මෙන්ම වෙනත් මූල්‍ය ආදායම් මාර්ග සලසා දුන් මන්ත්‍රීවරුන් මෙන්ම පිටත සිටීමයි. ඔහුගේ හිතවතුන් ද විවිධ පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම් වලින් මෙවර මැතිවරණයට ඉදිරිපත් කර සිටීම ගැනද මෙහිදී විශේෂ අවධානයක් යොමුකළ යුතු බව කුරුණැගල නාගරික බදු ගෙවන්නන්ගේ සංගමය අවධාරණය කරයි.
ඒ අනුව ඔවුන් නියෝජනය කරන පක්ෂවලට මෙන්ම කණ්ඩායමවලට නගරවාසී ජනතාවගේ වටිනා ඡන්දය භාවිතා නොකරන ලෙස කුරුණෑගල නාගරික බදුගෙවන්නන්ගේ සංගමයඉල්ලා සිටියි. මන්දයත් පවතින පළාත් පාලන මැතිවරණය තුළ කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා බෝනස් මන්ත්‍රීධූර බෙදෙන අතර, එම මන්ත්‍රීධූර එකතු කරමින් සභාවේ බලය නැවත තුෂාර සංජීවගේ න්‍යාය පත්‍රයට නතුවීමට ඉඩ තිබෙන හෙයින් එය වැලැක්වීම ජනතාව සතු වගකීමක් ලෙස උක්ත සංගමය තවදුරටත් පවසයි.
ඉහත සදහන් ඇතැම් කණ්ඩායම්වලට තරඟ කිරීමට ඇප මුදල් ද ලබා දී ඇත්තේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විසින් බවද කුරුණෑගල බදු ගෙවන්නන්ගේ සංගමය කියාසිටියි. ඒ අනුව නැවත වරක් දුෂිත කණ්ඩායම්වලට හිස එසවීමට ඉඩ නොදිය යුතු වන බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
Saru FM Media