022. කුක්කුර ජාතකය(බෝසත් සුනඛ ජාතක කථාව)

0
10

පින්වතුනේ, පින්වත් දරුවනේ,තමන්ගේ ජාතියට රැකවල් දිය යුත්තේ තමන්ගේ කෙනෙක්මයි. තමන්ගේ ධර්මය රැකගත යුත්තේ තමන්මයි. අපගේ බෝසතාණන් වහන්සේ තමන්ගේ වර්ගයා රැකගැනීම පිණිස නොයෙක් ආත්මවල සිය ජීවිතය කැප කොට තියෙනවා. පුරණ ලද පාරමී බලයෙන් යුතු අප මහා බෝසතාණන් වහන්සේ පවා එක්තරා අවස්ථාවක සුනඛ යෝනියෝ ඉපදුනා. එදා තමන්ගේ ඤාති වර්ගයාට වෙන්ට තිබුනු මහ විපතකින් ඔවුන්ව බේරාගත්තා. භාග්‍යවතුන් වහන්සේ පෙර ආත්මවලදී පවා තමන්ගේ ඤාති වර්ගයා බේරාගන්ට කටයුතු කළ බව දම්සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේලා කථා කරමින් සිටියා. ඒ අවස්ථාවේ එතනට වැඩම කොට වදාළ අප භාග්‍යවතුන් වහන්සේ මේ කුක්කුර ජාතකය වදාළා.කුක්කුර කියන්නේ සුනඛයාට කියන පාලි වචනය.

“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක මහා බෝධිසත්වයන්ටත් කිසියම් කර්මයකට අනුරූපව සුනඛ යෝනියේ උපදින්ට සිදුවුනා. ඉතින් සුනඛ යෝනියේ උපන් බෝසත් සුනඛයා නොයෙක් සියගණන් සුනඛයන් පිරිවරාගෙන මහා සුසාන භූමියක වාසය කළා.

එක් දවසක් බරණැස් රජ්ජුරුවෝ සුදු අශ්වයන් යෙදූ ඉතා අලංකාර ලෙස සැරසූ අනගි අශ්ව කරත්තයෙන් උයන් කෙළියට ගියා. හිරු අවරට යද්දි නැවතත් ඒ අශ්ව කරත්තෙන් මාලිගයට ආවා. රජ්ජුරුවෝ රථයෙන් බැහැලා මාලිගයට ගොඩවුනා. රථයේ බැඳපු අසුන්ව අස්ගාලට ගෙනිච්චා. නමුත් එදා රථය ඇතුළට දාන්න බැරිවුනා. රජමිදුලේම තිබුනා. එදා රෑ වැහැපු වැස්සට අශ්ව රථය තෙමිලා ගියා. මාලිගාවේ උඩුමහල් තලයේ සුරතලයට ඇතිකරන වංශවත් බල්ලන් හිටියා. ඒ විශාල බල්ලන්ට තෙත සම්ගඳ ඉව වැටුනා. ඔවුන් හිමින් පහතට බැස්සා. ඒ රථයට ගොඩ වෙලා තෙත සම් තෙත් වූ වරපට ආදිය කාලා දැම්මා. පසුවදා උදෑසන රාජසේවකයන්ට සපා කා විනාශ කරන ලද තෙත් වූ සම් ඇති වරපට ඇති රථය දකින්ට ලැබුනා. ඔවුන් මේ කාරණය රජ්ජුරුවන්ට පැමිණිලි කළා.

“දේවයන් වහන්ස, ගමේ බල්ලෝ කාණු කටකින් රජමිදුලට ඇවිත් තියෙනවා. අශ්ව කරත්තේ ආසනයට යෙදූ සමත් සම්පටිත් ඔක්කොම කාලා” රජ්ජුරුවෝ වහාම රථය බලන්ට ආවා. මුළු රථයම විනාශ කරලා! රජ්ජුරුවන්ට හොඳටම කේන්ති ගියා. “එසේ නම් සේවකයිනි, එක බල්ලෙක් තියන්ට එපා. දුටු දුටු තැන මරාපියව්” කියා රාජ අණ පැවැත්තුවා.

එදා පටන් ගමේ සියලුම බල්ලන්ට මහා නරක කලදසාවක් උදාවුනා. රාජ සේවකයන් දුටු දුටු තැනදී බල්ලන්ව මැරුවා. පණ බේරාගෙන පලා යන බල්ලෝ කෙළින්ම මහ සොහොනට දිව්වා. බෝසත් සුනඛයා වටේ එකතු වෙන්ට පටන් ගත්තා. එතකොට බෝසත් සුනඛයා ඔවුන්ගෙන් මෙහෙම ඇහුවා. “අහෝ මිතුරනි, මොකද මේ…. මහ භයකට පත්වෙලා වගේ ගැහි ගැහි ඉන්නේ. මොකක්ද වුන කරදරය?” “අනේ අපි වරදක් කළේ නෑ. රජ්ජුරුවන්නේ අස්ප කරත්තේ බල්ලෝ කාලාලු. හනේ…. අපට ඒ පැත්තටවත් යන්ට වරම් නෑ. නමුත් අහුවුනේ අපවයි. රජ්ජුරුවන්ට හොඳටම කේන්ති ගිහින් රාජ අණක් නිකුත් කළාලු. දුටු දුටු තැන අපව මරන්ට කීවාලු…. අනේ අප දන්නා හඳුනන සෑහෙන දෙනෙක් මැරුනා. මහා විපැත්තියක් අපට වුනේ.”

“ඕ…. එහෙමද! ඔය රාජ මාලිගයට බල්ලන්ට යන්ට පාරක් තොටක් ඇත්තේම නැද්ද?”

“අනේ නෑ…. පාරේ යද්දි අස්ප කරද්දි දැක්කා මිසක්කා ඒක අහලකටවත් යන්ට අපට වරම් නෑ”

‘ඕහෝ…. එහෙනම් මේක රාජ මාලිගාවේ ඇතිකරන වංශවත් බල්ලන්ගේ වැඩක් වෙන්ට ඕනෑ…. වැරදිකාරයන්ට කිසි දඬුවමක් නෑ. වරදක් නොකළ අයටයි මරණ දඬුවම! දැන් මට කරන්ට තියෙන්නේ එක දෙයයි. හැබෑ වැරදිකාරයෝ කවුද කියලා රජ්ජුරුවන්ට පෙන්නන්ට ඕනෑ’ කියලා බෝසත් සුනඛයා කල්පනා කළා. තැතිගත් සුනඛයන්ව අස්වැසෙව්වා.

“සුනඛයිනි, භය වෙන්ට කාරි නෑ. මං තොපව ඔය මරණ භයෙන් නිදහස් කරවන්නම්. මං ගොහින් රජ්ජුරුවන්ව බැහැදකින කල් මෙතැනම වාසය කරව්. පිටතට යන්ට එපා” කියලා බෝධිසත්වයොත් තමන්ගේ පෙර ආත්මයන් පවා සිහි කළ හැකි ජාතිස්මරණ ඤාණයෙන් පුරන ලද පාරමී ධර්මයන් සිහි කළා. මෛත්‍රී සිත පෙරටු කරගත්තා. ‘මා හට කිසිවෙකුගෙන් ගල් පහරක් හෝ මුගුරු පහරක් හෝ ආයුධ පහරක් හෝ එල්ලවෙන්ට එපා’ කියලා අධිෂ්ඨාන කළා. හුදෙකලාවේම ඇතුලු නුවරට ගියා. බෝසතුන්ගේ ආනුභාවය නිසා ඔහුව දුටු කවුරුවත් කිපී බැලුවේ නෑ. බෝසත් සුනඛයා කෙලින්ම මාලිගාව ඇතුලට ගියා. රාජ සභාවට ම ගියා. රජ්ජුරුවෝ යම් ආසනයක වාඩි වී සුනඛයන්ව ඝාතනය කරන්ට අණ දුන්නාද එදත් ඒ ආසනයේම වාඩි වී සිටියා. සුනඛයා කෙලින්ම ගිහින් ආසනය යටට රිංගා ගත්තා. රාජ පුරුෂයෝ සුනඛයාව එතනින් එලවා දමන්ට සූදානම් වුනා. එතකොට රජ්ජුරුවෝ එය වැළැක්කුවා. සුනඛයා හෙමින් හෙමින් ආසනය යටින් එළියට ආවා. රජ්ජුරුවන්ට වන්දනා කළා.

“දේවයන් වහන්ස, තොප බල්ලන්ව මරාදමන්ට අණ කළාද?”

“ඔව්… ඇයි?”

“රජතුමනි…. ඔවුන් නුඹවහන්සේට කළ අපරාධය කුමක්ද?”

“ඔවුන් ඉතා බලවත් රාජ අපරාධයක් කරලා තියෙනවා. මාගේ අශ්ව රථයේ එළාපු ඉතාම වටිනා සම්, වරපට ආදිය කාලා විනාශ කරලා තියෙනවා.”

“එතකොට රජතුමනි, යම් සත්තු ඒවා කෑවාද ඒ සතුන් කවුරුන්ද කියා නුඹවහන්සේ හොඳාකාරවම දන්නවාද?”

“නෑ…. එහෙම නිච්චියට ම කියන්ට බෑ.”

“සම් කාපු සත්තු මෙවුන් කියා නිච්චියට ම නොදැන ඒ මොහොතේ ඉඳන් දුටු දුටු තැන බල්ලන් මරවන්ට නියෝගය දීපු එක හොඳයිද දේවයන් වහන්ස?”

“ඒකේ වැරැද්දක් පේන්ට නෑ. රථයේ සම් බල්ලන් කාපු නිසයි දුටු දුටු තැන සියලු බල්ලන්ව මරන්ට කියා රාජාඥාව නිකුත් කළේ.”

“එතකොට මහ රජ්ජුරුවනි, ඒ ආඥාවට අනුව මිනිස්සු සියලුම බල්ලන්ව මරා දමනවාද? නැත්නම් ඇතැම් බල්ලන්ට ඒ මරණ දඬුවම බලපාන්නේ නැද්ද?”

“ඔව්…. අපේ මාලිගාවේ වංශවත් බල්ලන්ට මරණ දණ්ඩනය බලපාන්නේ නෑ.”

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here