ෆුට් බෝඩ් එකේ ගිය තරුණයෙකු ඉන් ඉවතට විසිවී ජීවිතක්ෂයට

0
11


ත්‍රිකුණාමලය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස දොර ආසන්නයේ ගමන් ගත් පුද්ගලයෙකු ඊයේ (11) වන දින දහවල් හබරණ ප්‍රදේශයේදී බසයෙන් ඉවතට විසිවී වැටී තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා .

ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බවයි හබරණ පොලිසිය සඳහන් කරන්නේ .

27 හැවිරිදි තරුණයෙකු වන මියගිය පුද්ගලයා බෝධිවෙල, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .

අනතුර සම්බන්ධයෙන් මගී ප්‍රවාහන බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හබරණ පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here