ෆැෂන් ටිප්ස්

0
14


විලාසිතා කරන්න කවුද අකමැති .ඉතින් සුන්දර ලෙස කැපී පෙනෙන්නටවෙනස් විදියට සිතන්නටවෙනස් විදියට ඔබව දකින්නට කැමති ඔබටයි මේ ෆැෂන් ටිප්ස්..

කවදාවත් විලාසිතා අතරින් ඉවත්ව නොයන සදාකාලික වර්ණය තමා කළු වර්ණයඅඳින්න වර්ණයක් සොයා ගැනීමට නොහැකි වූ විට මේ වර්ණය තෝරාගන්නඒ වගේම ඔබ මහත කෙනෙක් නම් තරමක කෙට්ටුවට පෙන්වීමටත් කළු වර්ණය සමත්.

ඇඳුම් වල මිළ නෙවෙයි වඩාත්ම වැදගත් වෙන්නේඇඳුම්ආභරණපාවහන්අත් බෑග් මේ සියල්ලම එකට ගැළපෙනවාද යන්නයිදහස් ගණනක් මුදල් වියදම් කර ගන්නා අත් බෑග්ලාබ ටොප් එකක් එක්කත් ඇන්දත් වඩාත් සැළකිලිමත් විය යුත්තේ එහි ගැළපෙනනොගැළපෙන බවයි.

වටිනා අත් බෑගයකට ඔබේ වටිනාකමපෙනුමේ වටිනාකම ඉහළ දමන්නට පුළුවන්ඒ වගේම මිල අඩු වුනත් වෙනස් පෙනුමක් සහිත සරල කපු බෑගය පවා ඔබේ වටිනාකම ඉහල දමනවා .වඩාත් වැදගත් වෙන්නේ එය ඔබ ගලපා ගන්නා ආකාරය මතයි .

බැගී ෂර්ට් එකක් සමග ඩෙනිමක්මෙහෙම ඇඳලා තියෙනවදටී ෂර්ට් එකට උඩින් බැගී කමිසයක් සහ ඩෙනිමක්මේ වගේ ඒවා මික්ස් කරලා බලන්නනොගැළපෙන වර්ණ වලින් යුත් දේවල් ද මිශ්‍ර කර බලන්න.

සමහර විට කොතරම් ලස්සනටපිළිවෙලට ඇන්දත් අසම්පුර්ණ බවක් දැනෙන්න පුළුවන්ඉතින් ඒ වෙලාවට මාලයකින්අත් ඔරලෝසුවකින්පාවහන් යුවලකින් නැත්නම් අලංකාර තොප්පියකට හෝ කොණ්ඩා විලාසිතාවකට පුළුවන් වේවි ඔබේ ඒ අසම්පුර්ණ බව මග හරවන්න.

ඕනාවට වඩා දේවල් එල්ල ගත්තමත් කැතයිසරල වුණු තරමට ඔබව කැපී පෙනෙනවා වැඩියි වගේම එය ඔබේ ගුණාංගයක් ලෙසටත් එකතු වෙනවාඒ නිසා වැඩිපුර නොව ගානට මේක්අප් ඇතුළු සියලුම විලාසිතා ඔබට විශේෂිත පෙනුමක් ලැබ දේවි.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here