ෆාමසිවල අර්බුද ගැන සෙවීමට පත් කළ කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමති වෙත

0
11


මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවල ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළුව පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවලට වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති ගැටළුවලට විසඳුම් සෙවීම සදහා පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ, කමිටු වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදී තිබෙනවා. 

ඒ, එම කමිටුවේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ප්‍රමුඛ කමිටු නියෝජිතයින් විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි. 

පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා සඳහා ඖෂධවේදී කාර්ය මණ්ඩලයේ හිඟයක් මෙන්ම එම ක්ෂේත්‍රයට ඍජුව බලපාන ලබන ගැටළු රාශියක් පවතින බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කරුණු වී තිබුණා. 

ඒ පිළිබදව සොයා බලා සුදුසු නිර්දේශ සහිත වාර්තාවත් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට මින් පෙර උපදෙස් ලබාදුන් බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here