ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම තහවුරු කිරීමේ චාරිත්‍රය ආරම්භ වී තිබෙනවා.
වතිකානු මාධ්‍ය නිවේදනය කළේ එම චාරිත්‍රයේ මුලසුන කාදිනල් කෙවින් ෆැරල් විසින් මෙහෙයවනු ලබන බවයි.
88 හැවිරිදි වියෙහි පසු වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය තහවුරු කිරීමේ සහ ඔහුගේ දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීමේ චාරිත්‍රයේ මුලසුන ශුද්ධ රෝම පල්ලියේ ජ්‍යේෂ්ඨතම කාදිනල්වරයා විසින් මෙහෙයවීම සාම්ප්‍රදායිකව සිදු කෙරෙන්නක්.
රෝමයේ වේලාවෙන් රාත්‍රී 8:00 ට ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මෘත දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීම සිදු කෙරෙනවා.
වතිකානුවේ කැසා සැන්ටා මාර්ටා දේවස්ථානයේ දී මෙය සිදු කෙරෙනු ඇති.
කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ සහ ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පවුලේ සාමාජිකයින්, සෞඛ්‍ය හා සනීපාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඇන්ඩ්‍රියා ආකන්ජෙලි සහ වෛද්‍ය ලුයිගි කාබෝන් මීට එක් වන බවයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය හේතුවෙන් භාග්‍යවත් කාලෝ අකුටිස් සඳහා පැවති ශාන්තුවරයට පත් කිරීමේ දිව්‍ය පූජාව තාවකාලිකව අත්හිටුවා ඇති බව ද වාර්තා වනවා.
දිව්‍ය දයාවේ ඉරිදා ලෙස ද සමරනු ලබන පාස්කු ඉරිදා (දෙවන ඉරිදා) අප්‍රේල් 27 වන ඉරිදා, දිව්‍ය පූජාව සහ ශාන්තුවරයාව පත් කිරීමේ චාරිත්‍රය පැවැත්වීමට නියමිතව තිබුණ ද මේ සියල්ලම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් නවතා දමා තිබෙනවා.
Saru FM Media