ළමුන්ගේ අසැබි දසුන් විදේශිකයින්ට බෙදාහැරි අයෙක් රාගම දී අල්ලයි

0
11


ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාල හරහා බෙදාහැරි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු සමාජ මාධ්‍ය හරහා විදෙස් ජාතිකයින්ට ළමුන් සම්බන්ධ ලිංගික දර්ශන සහ ඡායාරූප බෙදාහැර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් පිළිබඳව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකරුට අයත් ජංගම දුරකථන වාර්තාවක් ලබාගෙන රාහම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් සහ පරිඝනකයක් පොලිස් භාර්යට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මඟින් සිදුකරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here