කොව්ඩ් ආදී විවිධ වසංගත රෝග වලින් මෙන්ම විවිධ ගැටලු රාශියකට මුහුණ දුන් අප අද වන විට මුහුණ පාන ප්‍රධානම ගැටලුවක් වී ඇත්තේ ළමා මන්දපෝෂණය හේතුවෙන් දරුවන් ඉතා ඉක්මනින් රෝග වලට ගොදුරු වීමයි. පාසල් හා පෙර පාසල් දරුවන් පරික්ෂා කිරීමේදී ඔවුන්ට බොහොමයක් පෝෂණ හා ක්ශුද්‍ර පෝෂක ඌනතා පවතින බව හඳුනා ගත් අතරම එයට හේතුව කුමක්ද කියා සොයා බැලීම ඉතාම වැදගත් කාර්යයක් වන බව කිව යුතුමය. මෙහිදී ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ලෙස අපට වටහා ගත හැකි වූ ප්‍රධානම හේතුව නම් ආහාරයේ වැදගත්කම දෙමව්පියන් විසින් තේරුම් නොගැනීමයි.
වර්තමානය වන විට අප රට තුල පවතින ආර්ථික අර්බුදයට මෙයට යම් සම්බන්ධතාවයක් දැක්වුවද දරුවන් රැකගැනීම වස් ඒවා ජය ගත හැකි ක්‍රමවේද සොයා ගැනීම අප සතු යුතුකමක් වේ.
ආහාරයේ වැදගත්කම
අද වන විට බඩගිනි දැනෙන විට කුස පුරවාගැනීම යන කරුණ මත පමණක්ම පදනම් වූ කාරණයක් වූවාට ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ ‘වෛද්‍ය ජීවනය‘ නම් ග්‍රන්ථයේ ආහාරය වැදගත්කම දක්වා ඇත්තේ “සුදුසු ආහාර ගන්නා විට ඖෂධ අත්‍යවශ්‍ය නොවේ. නුසුදුසු ආහාර ලබාගන්නා තෙක් කුමන ඖෂධයක් ලබගත්තද පලක් නොවේ” යන ලෙසයි.
අද වන විට ඇත්තේ ආහාර සියල්ල පසෙකලා ඖෂධ පසුපස හඹා යන යුගයකි. කෑම බීම නොගෙන ඖෂධ ලබා ගන්නා අවස්ථා එමට ඇත. වඩා වටින්නේ ආහාරය පිළිබඳ සැලකිලිමත් වීමයි. ආහාර ඖෂධ ලෙස ක්‍රියා කරන අවස්ථාද ඇති බව මතකයේ තබා ගත යුතුය. සෑම මොහොතකම ක්‍රියාකාරී අංශ වන මිනිස් ශරීරය ක්‍රියා කිරීමට අවශ්‍ය ඉන්ධනය වනුයේම ආහාරයයි.
පෝෂණීය ආහාර වේලක් ලබාගැනීමට ඔබ දැනුවත් විය යුතු කරුණු
යනාදී කාරණා පිළිබඳ පවතින අල්ප දැනුම තරඟකාරී ජීවන රටාව හා අලසකම හේතුවෙන් ඉහත කරුණු පිළිබඳ අවධානය නොදීම ළමා මන්දපෝෂණය සඳහා තදින්ම බලපා ඇත. නමුත් අතීතයේ ශ්‍රී ලාංකික ජනතාව තුළ පැවති සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය ඉතා විද්‍යාත්මක බව එය අධ්‍යනයේදී පෙනී යන කරුණකි. එය හුදෙක්ම දේශීය වෙදකම හා බැඳී තිබුණු ඒ හා අනුකූලව හැදුනු ආහාර සංස්කෘතියකි.
යමෙක් යහපත් වූ සිතින් යුතුව මාත්‍රාව, කාලය විවරණය කර බඩගින්නේ තරමට පහසුවෙන් දිරවන සාත්මීය වූ ආහාර පාන භෝජනය කළහොත් කිසි රෝගයක් මෙලොවදී නොලබන බවත් ප්‍රිය වූද නිරෝගී වූ ද බොහෝ කල් දීර්ඝායුෂ විඳින්නන් වන බවත් ආයුර්වේද ග්‍රන්ථයක් වූ චරක සංහිතාවේ දක්වා ඇත.
ආහාරයක් පිළියෙල කිරීමේදී සැලකිය යුතු කරුණු අටක්
එනම් ප්‍රකෘති (natural qualities), කාරණා (preparations), සංයෝග (combinations), රාශි (quantum), දේශ (habitat), කාල (time), උපයෝග සංස්ථා (rules of use), උපයෝප්තතා (user) ලෙසයි.
ප්‍රකුර්ති (natural qualities)
යම් ආහාරයක පවත්නා ස්වභාවික තත්ත්වය මෙහිදී සලකනු ලැබේ. වර්තමානය වන විට ආහාරයේ ස්වභාවිකත්වය විනාශ කර සාදන විවිධ කෘතිම සංස්කරණ හේතුවෙන් රෝගී වන ප්‍රමාණය ඉහළ ගොස් ඇත. කල් තබා ගන්නා ද්‍රව්‍ය, වර්ණකාරක, රසකාරක ආදිය ස්වභාවික ආහාරවලට එක් කිරීම හේතුවෙන් පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ ආදී කාලීන බෝ නොවන රෝග රැසකට මිනිසුන් ගොදුරු වී ඇත. විශේෂයෙන්ම ළමා පරපුර ගොදුරු වෙමින් පවතී. හැකි තරම් ස්වාභාවික ආහාර ස්වාභාවික තත්වයේම ලබාදීම වඩාත් සුදුසු වේ.
දොඩම් යුෂ – කෘතිම දොඩම් යුෂ වෙනුවට ස්වභාවිකව ගෙදර සාදාගන්න දොඩම් යුෂ ලබාදීම
ධාන්‍ය අතිරේක ආහාර – වෙළඳපොලෙන් ලබාගත හැකි කෘතිම ආහාර අතිරේක නොමැතිව නිවසේ ධාන්‍ය අතිරේක ආහාර සකසා ගැනීම
කරණ (preparations)
ස්වභාවික ආහාර, ආහාරයට ගැනීමේදී විවිධ සංස්කරණ සිදු කරයි. එම සංස්කරණ සිදු කිරීමේ දී ආහාරයේ ප්‍රකෘති ගුණයට හානි නොකර සිදු කිරීමට වගබලාගත යුතුය.
පලා මැල්ලුම් – කොළ සිහින්ව කපා එහි ඇති මේදය/විටමින දියවීමට අවශ්‍ය මාධ්‍ය ලෙස පොල් ස්වල්පයක් එකතු කිරීම පමණක් ප්‍රමාණවත් වේ. එයට රතුළූණු, අමු කහ හොඳින් තමා දමා මද රස්නෙන් ස්වභාවික වර්ණයට හානි වීමට ප්‍රථම පිස ගත යුතුය. පසුව නිවුණු පසු දෙහි ඇඹුල් දමා ගැන කළවම් කළ යුතුය. නමුත් ඇතැම් පලාත්වල පොල් මෙන්ම තෙල් ද යොදා ගනී. මෙහිදී තෙල් බොහෝ දමා රස්නය වැඩියෙන් කලු පැහැ වන තෙක් පිස ගැනීමේදී එහි තිබෙන විටමින් ඊ හා අනිත් සියලු පෝෂක කොටස් වල ගුණ හානි වීම සිදුවේ.
සංයෝග (combination)
ආහාර ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් මිශ්‍ර කිරීම සංයෝග නම් වේ. මේවා නොදැන මිශ්‍ර වුවහොත් ඒවා රෝග කාරක වේ.
මස් මාලු සමඟ කිරි ආහාර – මේවා වෙන වෙනම ගැනීමෙන් රෝග හට නොගන්නා අතර එකට මිශ්‍රකර ආහාරයට ගැනීම මගින් චර්ම රෝග, කුෂ්ඨ රෝග ඇතිවන බව දක්වා ඇත.
රාශි (quantum)
මෙය මාත්‍රාව ලෙසද හැදින්විය හැක. කිසිවිටකත් කුස සම්පූර්ණයෙන් පිරී යනතුරු ආහාර ලබා නොගත යුතු අතරම ආහාර ශාස්ත්‍රය දක්වා ඇත්තේ කුසෙන් හතරෙන් දෙකක් පිරෙන සේ ආහාර ද ඉතිරි කොටස් දෙකෙන් එක් කොටසක් ජලය ද ඉතිරි කොටස ආහාරයට ජීරණයට අදාළ චලනවලට හා වාත සංසරණයට හිස්ව තබාගත යුතු බවයි. ආහාරයෙන් පසු පියවර 100ක් ඇවිදීමට යහපත් බව එහි දක්වා ඇත. එහිදී මාත්‍රාව තම රැකියාව ,රෝග තත්ත්වය, ශරීර බලාබලතාව, ආහාර දිරවීමේ ප්‍රමාණය මත තීරණය වේ. උදේට රජෙක් වගේ, දවල්ට සාමාන්‍ය මිනිසෙකු වගේ, රාත්‍රියට හිඟන්නකු වගේ ආහාර ගන්න කියා සමාජ ව්‍යවහාරයේ දක්වන්නේද මෙයමය. නමුත් කනගාටුවට කරුණ නම් මෙම සංස්කෘතිය වර්තමානය වෙනවිට අපෙන් ගිලිහී යාමය. බොහෝ විට රාත්‍රියට ඉතා සැහැල්ලු ආහාරයක් රාත්‍රි නින්දට පැය 2කට පමණ පෙර ගැනීම බොහෝ රෝගවලින් වැළකීමට හේතු වේ.
දේශ (habitats)
යම් ප්‍රදේශවලට ආවේණික එළවළු/පලතුරු වැනි ආහාර එම ප්‍රදේශවල උපන් පුද්ගලයන් වැඩිපුර ආහාරයට ගත යුතුයි. කාලින වකුගඩු රෝග ,මුත්‍ර ගල් වැනි මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග එවැනි ශුෂ්ක ප්‍රදේශවල ජනතාවට බහුල වේ. මෙවැනි පුද්ගලයන් ආයුර්වේද වෛද්‍යවරු වෙත පැමිණි පසු එම ආහාරම නැවත ඖෂධ ලෙස සංස්කරණය කර ලබාදෙන අවස්ථා ඇත. එවැනි ආහාර පිළියෙල කිරීමේදී අප ජීවත් වන ප්‍රදේශ වල වැඩිපුර හට ගන්නා ආහාර ලබා ගැනීමට වැඩිපුර අවධානයක් යොමු කළ යුතුය.
වියලි පලාත්වල – කොමඩු කැකිරි, පිපිඤ්ඤා, අළු පුහුල්
කාල (time)
පුද්ගල වයස් කාලය, දේශගුණික විපර්යාසය අනුව උදේ දවල් රාත්‍රී ලෙස දවසේ කාලය ලෙස බෙදා දැක්විය හැක.
පුශ්ගල වයසට අනුව කාලය බාල, තරුණ, වෘද්ධ ලෙස වෙන්වෙන අතරම ඒ කාලවලදී ලබා දිය යුතු ආහාර වෙන වෙනම ඇත.
Saru FM Media