ළමා පිළිකා කලින්ම හදුනා ගැනීමෙන් දරුවාගේ ජීවිත ආරක්ෂා කර ගත හැකියි.

0
13


පිළිකා රෝගය මාරාන්තික රෝගී තත්ත්වයක් වුව ද ළමා කාලයේ දී ඇතිවන පිළිකාව මුලික අවදිය තුළ හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළ සාර්ථක නිරෝගී ජිවිතයක් ගත කරන්න හැකියාව තියෙනවා.

දරුවන්ට පිළිකා රෝගය ඇතිවීමට කාලයක් ගත වෙනවා.

දරුවන්ට ඇතිවන පිළිකා රෝගී තත්ත්වය ක්ෂණිකව ඇතිවීමක් නොවේ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. එනම්, වයස අවුරුදු 10 දී අවුරුදු 15 වෙන්න පුළුවන්.

වැරදි ආහාර රටාවන් හා නිසි වේලාවට ආහාර නොගැනීම තුළින් ඇතිවන ස්ථූලභාවය නිසා ළමා පිළිකා ඇතිවීමට හැකියාව තියෙනවා.

දරුවන් ක්‍රියාශීලි නොවීම හා ක්‍රියාශීලි අඩුවීම.

පරිසර දුෂණයට කුඩා කාලය ඉඳන් (Expose) නිරාවරණය වීම තුළ වයස අවුරුදු 30 – 40 කාලයේ දී මේ රෝගය මතුවීමට හැකියාව තියෙනවා.

ලියුකේමියාව

දරුවන් තුළ බහුලවම තියන පිළිකා රෝගයක් ලෙස ලියුකේමියාව ( ලේ වල තියන පිළිකාව ) හඳුනාගෙන තියනවා.

රෝගය හඳුනාගත හැකි ලක්ෂණ

මෙවැනි ලක්ෂණ හරහා ලියුකේමීයා රෝගය මූලිකවම හඳුනා ගන්න පුළුවන්.

මොළය ආශ්‍රීත ඇති වන පිළිකා තත්ත්වය හඳුනාගත හැකි ලක්ෂණ

වකුගඩු හෝ අක්මාවක පිළිකා රෝගය තුළ හඳුනාගත හැකි ලක්ෂණ

පිළිකා රෝගය සිරුරේ පවතින ස්ථානය රෝග සාධක මතුවීම අනුව සිදුවෙන්න පුළුවන් හැකියාව තියෙනවා.

වැඩිහිටි පුද්ගලයකුට කරන ප්‍රතිකාර ක්‍රමවලට වඩා ළමා පිළිකා ප්‍රතිකාර වල දිර්ඝකාලීන ඇතිවීම අඩුයි.

දරුවන්ට පිළිකා රෝගය සුව කිරීමට ලබා දෙන ප්‍රතිකාර වර්ග 03ක් තියනවා.

මේ ප්‍රතිකාර ක්‍රම වලින් යම් අතුරු ආබාධ ඇතිවීමට පුළුවනි. යම් ප්‍රතිකාර ක්‍රමයක් තීරණය කරද්දී හොඳ / නරක සසඳා බලලා වැඩි හොඳ ප්‍රතිකාර ක්‍රමය තෝරා ගන්නවා රෝගය සුව කරන්න.

මේ ප්‍රතිකාර හරහා මේ රෝගයෙන් පෙළෙන දරුවන්ගේ ජිවිත බේරා ගැනීමට හැකියාව තියනවා.

ළමා පිළිකා රෝගය 70%ක් විතර මුලික අවදිය තුළ හඳුනාගැනීම හරහා වැඩිහිටි පුද්ගලයකුට ඇතිවන පිළිකා රෝගයට වඩා ළමා කාලයේ දී ඇතිවන පිළිකා තත්ත්වය සුව කිරිමේ හැකියාව වැඩියි. නමුත් සිරුර පුරා පැතිරිලා තිබීම තුළ රෝගය සුව කිරිමේ ප්‍රතිශතය අඩුවීමට පුළුවන්.

නිසි ප්‍රතිකාර ලබා ගැනීම හරහා 100% සාමාන්‍ය ජිවිතය ගත කිරීමට හැකියාව තියනවා.

දරුවකුට පිළිකා රෝගයක් වැළ දී තිබිම දෙමව්පියන් බියවීම සාධාරණයි. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළ සාර්ථක සම්පුර්ණ සුවයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා.

නමුත් අත් බෙහෙත්, ගොඩ වෙදකම් මේ සඳහා ලබා නොගත යුතුයි. ඒ හරහා මේ රෝගය විශාල සෞඛ්‍ය ගැටලු මතුවීමට පුළුවන්.

සිරුරේ ඇතිවන සමහර ගැටිති / ගෙඩි පිළිකා නොවන්න පුළුවන්. සාමාන්‍ය වෙන්නත් පුළුවන්.

නමුත් සිරුරේ ඇතිවන මෙවැනි අසාමාන්‍ය ගැටිති වෛද්‍ය පරික්ෂණ හරහා පරික්ෂා කර බැලීම වැදගත්.

නවීන වෛද්‍ය දියුණුවත් සමඟ ළමා පිළිකා රෝගය මුලික අවදිය තුළම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළින් සාර්ථක සුවපත් අනාගතයකට පියනඟන්න හැකිවේවී.

වි‍ශේෂ ස්තුතිය.

ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය
සංජීව ගුණසේකර මහතා
ජාතික පිළිකා ආයතනය – මහරගම.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here