පසුගිය වසර හතරක කාලය තුළ රජයේ පාසල්වල පළමු වසරට ඇතුළත් වන ළමුන් සංඛ්‍යාව 45,435කින් පමණ පහළ ගොස් ඇත. Sri Lanka Latest News
2019 රජයේ පාසල් 10,165ක් පැවැති අතර, රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වූ ළමුන් ප්‍රමාණය 3,33,074ක් ලෙස සැලකිණි.
ඒ තුළ පිරිමි ළමයින් 1,69,119ක් සහ ගැහැනු ළමුන් 1,63,955ක් විය.
තවද ජාතික පාසල්වලට ළමුන් 26,420ක් පළමු පන්තියට ඇතුත් කර ඇති අතර, පළාත් පාසල් සඳහා ළමයින් 3,06,654ක් ඇතුළත් කරගෙන ඇත.
එහෙත් 2023දී පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් කරගෙන ඇති ළමුන් ප්‍රමාණය වන්නේ 2,87,639කි. ඒ තුළ ගැහැනු ළමුන් 1,41,325ක් සිටින අතර, පිරිමි ළමයින් 1,46,314ක් ඇතුළත් කරගෙන ඇත.
මේ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද පාසල් සංගණන වාර්තාවලින් හෙළිවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
තවද ජාතික පාසල්වලට ඇතුළත් කරගෙන ඇති ළමුන් ප්‍රමාණය 26,794ක් වන අතර, පළාත් පාසල් සඳහා ඇතුළත් කරගෙන ඇති ළමුන් ප්‍රමාණය 2,60,845කි.
කෙසේ වුවද 2019 සිට 2023 අතර කාලය තුළදී පළමු වසරට ඇතුළත් කළ ළමුන් ප්‍රමාණය 45,000කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇත.
අනාගතයේදී මෙය තවදුරටත් පහළ යාහැකි අතර, ලංකාවේ ජන සංක්‍රාන්තියෙහි සිදුවෙමින් පවතින වෙනස්කම් මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න
Saru FM Media