ළමයින් අනතුරේ හෙළීම සම්බන්ධයෙන් මෙටා සමාගමට ඩොලර් මිලියන 375 ක් ගෙවීමට නියෝගයක්

0
3

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන Meta සමාගම විසින් කුඩා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා ඩොලර් මිලියන 375 ක දැවැන්ත වන්දියක් ගෙවන ලෙස අමෙරිකානු ජූරි සභාවක් අද නියෝග කර තිබේ.

ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ ඔවුන් ලිංගික සූරාකෑමට ගොදුරු වීමේ අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් සළකමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

සති හයක නඩු විභාගයකින් පසු අඟහරුවාදා නිව් මෙක්සිකෝවේ ජූරි සභිකයින් මෙම තීන්දුව ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකුට මෙවැනි දඩුවමක් නියම වීම දරුවන්ගේ මාර්ගගත ආරක්ෂාව (Online Safety) සම්බන්ධයෙන් ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.

සමාජ මාධ්‍ය හරහා සිදුවන හානිකර බලපෑම්වලින් දරුවන් මුදා ගැනීමට මෙම තීන්දුව ප්‍රබල පූර්වාදර්ශයක් වනු නොඅනුමානය. ලොව පුරා දෙමාපියන් සහ ක්‍රියාකාරීන් මෙම තීන්දුව දකින්නේ තාක්ෂණික සමාගම්වල වගකීම් විරහිත භාවයට එරෙහිව එල්ල වූ ප්‍රබල පහරක් ලෙසය.

ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ වට්ස්ඇප් හි මව් සමාගම වන මෙටා, එහි වේදිකා තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් නඩු රැල්ලකට මුහුණ දී සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here