ළදා වන්දනාවට සහභාගීවන දරුවන්ට සිතුවම් නිර්මාණයට අවසථාවක්

0
10


සිරි දළදා වන්දනාවට සහභාගී වන දරුවන් සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කළ සිතුවම් නිර්මාණය කිරීමේ අවස්ථාව අද (18) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.

මෙම සිදුවම් දැක්ම අද (18) සිට එළැඹෙන 27 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය බවයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව සෑම දිනකම උදෑසන 8.30ට මහනුවර රැජින හෝටලය ඉදිරිපිටදී ආරම්භ කෙරෙන මෙම සිදුවම් දැක්ම සඳහා දරු දැරියන් 450ක් සඳහා චිත්‍ර ඇඳීමේ පහසුව සලසා දී තිබෙනවා.

එමෙන්ම මෙම සිතුවම් දැක්ම සඳහා සහභාගී වන සෑම දරුවෙකුටම සහතික පත්‍රයක් පිරි නැමීමටද අමාත්‍යංශය කටයුතු සූදානම් කළා.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here