හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ඉරානය විසින් අය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එරට පාර්ලිමේන්තු මන්ත්‍රී අලෙයිඩින් බොරෝජ්ර්ඩි අද (22) ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා මේ බව දැනුම්දුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන ඉස්ලාමීය ජනරජය සතු අධිකාරිය සහ අයිතියක් වන සමුද්‍ර සන්ධියේ නව පාලන තන්ත්‍රයක් ඇති කළ යුතු බව ඔහු පෙන්වාදී ඇත.
යුද්ධයට පිරිවැයක් දැරිය යුතු බැවින් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව අලෙයිඩින් බොරෝජ්ර්ඩි අවධාරණය ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
2
Saru News
















