හෝමූස් හරහා අමෙරිකානු නාවික හමුදා නෞකා දෙකක් යාත්‍රා නොකළ බව ඉරානය කියයි

0
3

අමෙරිකානු නාවික හමුදා නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධියේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කළ බවට අමෙරිකානු මධ්‍යම විධානය කර ඇති ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ.

අමෙරිකානු මධ්‍යම විධානය පවසා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා අමෙරිකානු නාවික යාත්‍රා දෙකක් යාත්‍රා කළ බවය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඉරාන සන්නද්ධ හමුදා මූලස්ථානය පවසා ඇත්තේ ඕනෑම යාත්‍රාවක් ගමන් කිරීම සඳහා මුලපිරිම ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදාවන්ට පැවරෙන බවය.

එමෙන්ම නිශ්චිත කොන්දේසිවලට යටත්ව සිවිල් යාත්‍රාවලට පමණක් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ඇති බවත් පවසා ඇති ඉරානය සඳහන් කර ඇත්තේ හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ ගන්නා ඕනෑම යාත්‍රාවක් පිළිබඳව දැඩි හා තීරණාත්මක ලෙස කටයුතු කරනු ඇති බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here