ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 16ක් ඇතුළු යාත්‍රා කිහිපයක් හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කර තිබේ.
අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් මෙම ප්‍රහාරයේ දර්ශන X සමාජ මාධ්‍ය ජාලය වෙත ද මුදාහැර ඇත.
ලෝකයේ ප්‍රධානම තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන ලොව වැදගත්ම බලශක්ති මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානය යුද නෞකා ඇති බවට ලද බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පැවසේ.
මේ අතර ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ යුදා නෞකා තබා ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.
📌සබැඳි පුවත්
Saru News















