Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් හෝමාගම 15 හැවිරිදි සිසුවිය, සිසුන් හතක් එක්ව සමූහ දූෂණයට ලක්කරලා

හෝමාගම 15 හැවිරිදි සිසුවිය, සිසුන් හතක් එක්ව සමූහ දූෂණයට ලක්කරලා

0
16


homagama-15-year-old-girl-raped-seven-students-raped

හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, 15 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අතර වින්දිතයාගේ පෙම්වතා යැයි කියන පාසල් සිසුවා සහ තවත් පාසල් සිසුන් පස් දෙනෙකු ඇතුළත් වේ.

සිද්ධිය පිළිබඳව වාර්තා වන්නේ විඳවන්නියගේ දෙමාපියන් ඇයව පොලිසිය වෙත කැඳවාගෙන ගොස් පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව, ප
ොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කොට පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගත් බවයි. සමූහ දූෂණයට ලක් වූ බව කියන පහළොස් හැවිරිදි පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට ද පොලිසිය කටයුතු කර ඇත.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, එම පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගී වන බව නිවසේ අයට පවසා, තම පෙම්වතා යැයි කියන පාසල් සිසුවා හමුවීම සඳහා ගොස් ඇත. ඉන් අනතුරුව පෙම්වතා බව කියන සැකකරු, දැරියව රැගෙන ඔහුගේ මිතුරෙකු සිටින හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසකට ගොස් ඇති අතර, එම නිවසේදී දැරිය සමූහ දූෂණයට ලක් කර ඇත. පෙම්වතා ඇය සමග එක්වීමෙන් පසු යාළුවන්ටද අඬගසා ඇති අතර අවස්ථා කිහිපයක පැමිණි තවත් 6 දෙනෙකු ඇයව දූෂණයට ලක්කර ඇත.
පොලිස් විමර්ශනවලින් තවදුරටත් හෙළි වී ඇත්තේ, උදෑසන නවය සහ සවස තුන අතර පැය හයක කාලයක් තුළ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවාස තුනකට වින්දිත දැරිය රැගෙන ගොස් ඇති බවත්,
ඒ අවස්ථාවන්හිදී දැරියගේ පෙම්වතා බව කියන සැකකරු ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්ය.
පෙම්වතිය පෙම්වතා ගැන විහ්වාසය තබා මෙම ගමන ගොස් තිබූ නමුත් මෙවැනි කරදරයකට පත්වෙන්න යන බව දැන නොසිටි බව පැමිණිල්ලෙන් දැන්වා ඇත.
පොලිස් නිවේදනයට අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතී. සැකකරුවන් හත්දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා, පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන්ගේ චර්යාවන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, යම් සැකසහිත තත්ත්වයක් දක්නට ලැබුණහොත් වහාම අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසත්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here