හෝටලේ කෑම ගෙදරටම

0
11


රස කෑම කන්න ලොකු හොටලයකටම යන්න ඕනා නැහැඒ ආහාර වට්ටෝරු අප ඔබ වෙත ගෙන එන නිසා.

හර්බ් තැවරූ ටුනා මාළු සමග එළවලු සලාද සහ තක්කාලි සල්සා

අවශ්‍ය දේ:

  • කොටු කපාගත් ටූනා මාළු ග්‍රෑම් 150
  • ඉතා කුඩාවට කපාගත් මිශ්‍ර හර්බ් ග්‍රෑම් 20
  • තල තෙල් මිලි ලීටර් 50
  • ලුණු සහ ගම්මිරිස් රස පදමට
  • ජුලියන් ක්‍රමයට කපාගත් කැරට් ග්‍රෑම් 10
  • ජුලියන් ක්‍රමයට කපාගත් ලීක්ස් ග්‍රෑම් 10
  • ජුලියන් ක්‍රමයට කපාගත් ගෝව ග්‍රෑම් 10
  • ජුලියන් ක්‍රමයට කපාගත් රතු ,කොළ ,කහ බෙල් පෙපර් ග්‍රෑම් 10 බැගින්
  • ඔලිව් තෙල් මිලි ලීටර් 30
  • ජුලියන් ක්‍රමයට කපාගත් ලොකු ළුණු ග්‍රෑම් 10
  • ඉතා කුඩාවට කපාගත් තක්කාලි ග්‍රෑම් 10
  • කොටු කපාගත් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 5
  • දෙහි යුෂ මේස හැඳි 2

මාළු ග්‍රිල් කරමු

ටුනා මාළු වලට හර්බ්ස්තල තෙල්ලුණු සහ ගම්මිරිස් දමා පදම් කරගන්නපසුව ග්‍රිල් හෝ පෑන් ෆ්‍රයි කරගන්නඑළවලු සලාද සහ ටෝමටෝ සල්සා සමග පිළිගන්වන්න.

එළවලු සලාද හදමු

කැරට්ලීක්ස්ගෝවාබෙල් පෙපර් වර්ග සහ ලුණුගම්මිරිස් එකට මිශ්‍ර කර එයටම ඔලිව් තෙල්දෙහි දමා මිශ්‍ර කරන්න.

ටෝමටෝ සල්සා හදමු

ලොකු ළුණුතක්කාලිකේපර්ස් සහ කොත්තමල්ලි එකට මිශ්‍ර කරගන්නඑයටම ලුණු සහ ගම්මිරිස් දමා මිශ්‍ර කරන්න.

අලංකාර ලෙස සරසා පිළිගන්වන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here